Wednesday, October 26, 2011

෴ සමුගතිමි ෴



මෙතෙක් ආවත් දුරක්
එක් නැවතුමක නතර වන්නට 
සිදුවිය කෙසේ හෝ වෙන්වන්නට 
තවත් යා නොහැකි නිසාවෙන් 
මේ දෙමංසලේදී 
සමුගන්නෙමි මම... 


අපි සමහර වෙලාවට චුටි තුවාල ගණන් නොගෙන ඉන්නවා.. ඒත් අපිටත් නොදැනිම කාලය එක්ක ඒ තුවාල ටික ටික ලොකු වෙලා ඇඟ පුරාම දුවනවා.. එහෙම උනාම අන්තිමේ අපේ ජිවිතේ අහිමි වෙනවා.. ඉතින් එක තුවාලයක් ගොඩාක් වේදනා දෙන නිසාත්, එකෙන් ඉදිරියේදී ජිවිතේ ගොඩාක් නරක පැත්තකට ඇදෙන නිසාත් මම ඒක අයින් කරන්න තීරණේ කළා... මෙච්චර කල් නොදැනුනත් ඒ තුවාලේ වැඩියි කියලා හොඳටම තේරුනේ මට අපේ තාත්තා වැටුන දවසේ.. 


මතක්‌ කරන්න ඕන තාත්තා වැටුන දවසේ ඉඳං ඒ ගැන අහපු බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.. දැන් තාත්තාට ගොඩාක් හොඳයි.. හැබැයි වාරුවක්‌ නැතුව තනියම ඇවිදින්න නම් බෑ... ඔයාලාගේ හැම ප්‍රාර්ථනාවකටම ගොඩාක් ස්තුතියි!




අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.... 


පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..


පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..
හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම්.....
සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්.......

එක සෘතුවකට පසුව.....
නව සෘතුවක් පැමිණේනම්
ගහ කොල මල් දලු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්...

පෙරවදනක් නැති...... අප පෙම් පුරාවතට...
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..
මට කුමටද තව පසුවදනක් නුඹගෙන්..


හැමදාම මම අහන නදීක ජයවර්ධනගේ ලස්සන සින්දුවක් මේක.  බස් රේඩියෝවේ කට්ටියනම් සික් කියන සින්දුවක් හැබැයි ;)

26 comments:

  1. හ්ම්ම්ම් හ්ම්ම්ම්.......

    ReplyDelete
  2. හ්ම් හ්ම්ම්.. ලයික් දිස් සෝන්ග් මම නම්..

    ReplyDelete
  3. හොඳට හිතලා තමන්ට හරියි කියලා හිතෙන දේ කරන්න අක්කේ...

    ReplyDelete
  4. වෙලාවක් එනව තමන්ගෙ හිතට හරි කියල හිතෙනදේ අනිවාර්යයෙන්ම කරන්න වෙන . . . . . සමහර බැඳීම් ජීවිතෙන් අයිං කරන්නත් වෙනව ඒ වගේ අවස්තා වලදි . . . .

    ප.ලි.
    තාත්ත අසනීපෙන් කියල දැනන් හිටියෙ නෑ . . . . තාත්තට ඉක්මන් සුවය පතනව

    ReplyDelete
  5. මේ සින්දුවට මමත් මාරම ආසයි.. පුදුමේ කියන්නේ මේ දැනුත් යන්නේ මේ සින්දුවනේ...

    ReplyDelete
  6. තුවාල නම්,ඒව කොච්චර ගැඹුරු උනත්, හොඳ වෙනව කාලයක් ගියාම හසී...ඒත් ඒ තුවාල අපිට තියල යන කැළැල් ජීවිත කාලෙටම වද දෙනව.
    තාත්තට ඉක්මනටම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  7. හ්ම්ම්ම්.. ලොකු කණගාටුවක් හිතේ ඇති බව සිතේ...

    ReplyDelete
  8. ඔය සින්දුව නම් මරු... මං හෙන ආසයි...

    ReplyDelete
  9. අනේ මන්දා.. ටිකක් පැහැදිලි මදි වගේ හසී. තාත්තට හොඳයි නම් ඒ ඇති. කල්පනා කරලා වැඩ කරන්න.

    ජය...!!!

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  11. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් අනේ මන්දා :s :s

    ReplyDelete
  12. ආදරේ එකම විදියට විඳින්න හැමෝටම වාසනාව නෑ..කොහොමත් ආදරේ කියන්නෙ දුක එක්කම එකට ගමන් කරන දෙයක්...ට්‍රැක් එක පනින්නෙ නැත්තම්.....සතුට...ට්‍රැක් එක පැන්නොත් දුක..... ඒක ආදරයේ ස්වභාවය වෙන්න ඇති...

    ReplyDelete
  13. අක්කා ගත්ත තීරණේ අක්කාට හරි නම් එච්චරයි....සතුටින් ඉන්න....අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා...

    ReplyDelete
  14. සමහර තුවාල හොඳ කරන්න බැරි උනාම ඒ කොටස අකමැතුතෙන් හෝ කපා දාන්න වෙනවා..නැතිනම් ඒ තුවාලය ඔඩු දුවලා මුළු ශරීරයම වේදනා දෙනවා... ලෝබ කමට නොකපා හිටලා හැම දේම නැති වෙනවට වඩා එහෙම සුළු වේදනාවකින් කතාව ඉවර කරන එක හොඳයි... ඒත් ඇයි එහෙම තුවාලයක් හැදුනේ කියලා හුගක් හොදට හොයලා බලලා කටයුතු කරන්න පුළුවන්නං මතු ආරක්ෂාවට හොඳයි.. විෂබීජ හැමතැනම තියෙනවා උනත් අපිත් ඒවාට නිරාවරණය උනොත් තමයි අපිටත් ඒවායින් බලපෑමක් වෙන්නේ.. ඒ හින්දා අනිත් පැත්ත ගැන කතාව කොහොම උනත්..තමන්ගේ පැත්තෙන් මොනවාම නමුත් වරදක් උනාද කියලත් හොයලා බලලා හඳුනගෙන එහෙම දෙයක් තියෙනවනං ඉදිරියේදී ඒ පිළීබඳව සැලකිලිමත් වීම වඩාත් ගුණදායකයි...

    කොහොම උනත් නගා සතුටින්නං ඒක අපිටත් සතුටක්... අනිත් දේ තමා තාත්තාගේ වැටීමක් ගැන මට දැන ගන්න උනේ නැහැ නෙව.. ඔන්න බලමු අපිට දැන් ආරංචි එන්නේ නැති හැටි... කොහොම හිටිය අපිද..?

    ReplyDelete
  15. කිවුවත් වගේ ඔය සිංදුව මං කී සැරයක් දීලා තියනවද කියලා මට මතකත් නෑ,,,

    ReplyDelete
  16. @ජේ.ඩී - හ්ම්ම්...

    @Yohan Kanishka | යොහාන් කණිෂ්ක - හ්ම්ම්..

    @Chathuranga Bandara - මි ටු අනේ :d

    @පූසා - හිතුවා ගොඩාක්...

    @ඕනයා - ඔව් අයියා මේ ඒ තිරනෙට හොඳම කාලේ කියලා හිතනවා.. තාත්තාට හොඳයි දැන්, ස්තුතියි අයියේ...

    @Dinesh - හි හි එකනේ මෙයාලා මේ සින්දුව ඉල්ලුවාම මට එක එක ඒවා කියනවානේ

    @කස්සා - ඔව් ඒත් කොච්චර බෙහෙත් කලාත් හොඳ නොවෙන තුවාල තියෙනවා.. මම බෙහෙත් කලේ නැතුවා නෙමේ ස්තුතියි කස්සා

    @තිස්ස දොඩන්ගොඩ - හ්ම්ම්... නැව ගිලුනත් මම සතුටින් හසී හැඩොක්ස් හිකි හිකි

    @Prasanna - එකනේ අප්පා.. මෙයාලා එක්ක බෑ

    @නචියා - තැන්කු නචියා..

    @ශානු - හ්ම්ම්..

    @දිල් - ඔව් අක්කියෝ.. හරියන ට්‍රැක් එකක් කවදා හරි ලැබෙයිනේ...

    @සිතුවිලි නිහඬයි - තැන්කු නංගියෝ.. මම සතුටින්

    @මාරයාගේ හෝරාව - අයියා කියන දේ එක්ක මම එකඟ වෙනවා.. ඔව් අයියේ මම උපරිම උත්සාහය කළා.. ඒත්....
    මම පොස්ට් එකකුත් දැම්මා අයියේ දැන් මාස දෙකක් වෙනවා.. දැන් හරි දැනගත්තානේ

    @සීතල අයියා - හ්ම්ම්...

    @ItalyDilan - ඒකනේ....හි හි අපේ සුදු ඩිලාන් අයියානම් මුකුත්ම නොකියා ඉල්ලන ඕන සින්දුවක් දෙනවා :b

    ReplyDelete
  17. හ්ම්ම්.. ඇත්ත තුවාලේ ඔඩු දුවන්න කලින් ඒක කපලා අයින් කරන එකෙන් ඇති වෙන බලපෑමවත් අවම කරගන්න පුළුවන්..

    ReplyDelete
  18. එකපාර මැරෙන එකට වඩා චුට්ට චුට්ට මැරෙන එක තමා ගොඩක්ම අමාරු.
    ඒ වගේම තමා එකපාර රිදවනවට වඩා පොඩ්ඩ පොඩ්ඩ රිද්දන එකෙන් හිත ගොඩක් රිදෙනවා.

    ReplyDelete
  19. හිතට එකඟව කරන්න අවැසි දේ අවැසි වෙලාවට කරන්නම වෙනවා. කොතරම් අමාරු උනත් ඒකයි ඇත්ත. අපි ඇත්තට මූණ දෙන්නම වෙනවා. තුවාලේ අයින් කළාට මදි නිවැරදි ප්‍රතිකාරත් කරගන්න..

    ReplyDelete
  20. අපිට ජීවිතේ සමහර වෙලාවට වද දෙන දේවල්
    අයින් කලාම හරිම සහනයක් දැනෙනවා තමයි...

    ReplyDelete
  21. මමත් ගොඩාක් කැමති සින්දුවක්

    ReplyDelete
  22. තුවාල හැදෙන කොටම කල්පනාවෙන් ඉඳලා බෙහෙත් කරන්න ඕනි..ඒවා ඔහේ කාලය සනීප කරනකන් බලන් ඉන්න නරකයි..එතකොට රිදෙනවා වැඩී..දරා ඉන්න බැරි තරම් හදවතට ! අත්දැකීම් රාශියයි ඒ ගැන නම්...

    ReplyDelete
  23. @ප්‍රාර්ථනා - හ්ම්ම්ම්..ඒක තමා ගොඩාක් හිතලා මේ තීරණේ ගත්තේ..

    @මධුරංග - ඇත්ත..

    @priyantha - අනිවා අයියේ..

    @Gimhani - හ්ම්ම්.. වෙල්කම් කිව්වා ඔන්න මගේ බ්ලොග් එකට..

    @පබලු - හි හි ඔය සින්දුවේ අගේ තේරෙන්නේ නෑනේ මෙයාලාට..

    @Weni - ඔව් අයියේ.. තුවාලේ දැක්ක දවසේ ඉඳං බෙහෙත් කළා.. ඉංග්‍රීසි, ගොඩ වෙදකම් ඔක්කොම.. ඒත්.. අනේ මන්දා.. මොනා උනත් දැන් සැහැල්ලුයි :)

    ReplyDelete
  24. හ්ම්ම්ම්ම් අනේමන්ද.. සැහැල්ලුවෙන්නම් ඉතිං එච්චරයි :)

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...