Wednesday, October 13, 2010

෴පුංචි මල මමයි෴



පාළුවට ගිය බිම් කඩක් මැද
නුබ වෙනුවෙන්ම පිපුනු
පුංචි මල මමයි...
නුබේ දිවියම සුවදවත්
කරන්නට පිපුනු
පුංචි මල මමයි....
නෙලාගන්නට හැකිව තිබුනද
වෙනත් බසකට රැවටී
නුබ නෙලා නොගත්
ඒ පුංචි මල මමයි....
නැවත පැමිණ නෙලාගන්නට
සෙවුවද
වෙනත් කෙනෙකු නෙලාගත්
ඒ පුංචි මල මමයි....

13 ක් අදහස්:

sahan ළියනගෙරත්ගමයා said...

එල එල......මල් මල් මල් මල්.........

Unknown said...

කවුද බබරා???ආහ් අපි දැක්කානේ

හසී said...

@ රත්ගමයා - තැන්කූ රත්ගමයෝ...

@ පුබුදුවා -;)

෴ හසියා ෴ said...

පුඃ...මෙයාගේ ගනන්....වැඩේමයි ආයෙ එන්න....
ලෝකේ මල් ඕනි තරම් ඇත‍.එක මලක් නෙලාගන්ට බැරිවු විට තවත් මලක් නෙලාගන්නට හැකිය....

හසී said...

@ හසියා - හා හා නෙලාගන්නකෝ එහෙනම්:P

පිස්සා පලාමල්ල said...

මල් කිව්වම නා නා ප්‍රකාර.... මලට හොඳ බබරෙක් හම්බුනානම් සතුටුයි.

ඉලංදාරියා said...

ලස්සනට ලියලා තියනවා

ප්‍රාර්ථනා said...

මුලු film එකකින් පැය ගාණක් කියන දෙයක් තත්පර කීපෙකින් ලස්සනට කියලා...(ලියන්න කොච්චර කල් ගියාද දන්නෑ..) හරිම ලස්සනයි....දැන් මලේ හිත කොතනද?

හසී said...

@ පිස්සා පලාමල්ල - ස්තුතියි අයියේ.. බබරෙක් නෙමේ සමනලයෙක් හම්බුනා...

@ ඉලංදාරියා - ස්තුතියි ඔයාටත්..

@ ප්‍රාර්ථනා - තැන්කූ සිස්.. (ලිව්වේනම් විනාඩි 10කින් විතර...) දැන් මලේ හිත සමනලයා ලඟ..

සෝරෝ said...

අරුත්බර සරළ පද පේළියක්... ලස්සනයි හසී...!!

Hasitha Gunasinghe said...

අපායට ගියත් කලින් යන්න ඕනේලුනේ. ඒක නිසා කරන එකක් පරක්කු නොවී කරන්න ඕනේ :)

Anonymous said...

අහ් හා!!
දැන් එතකොට කවුද මල? කවුද බබර? :D :P

හිස් අහස said...

අපරාදේ ප්‍රමාදය පසුතැවීමට මුල කියන්නේ ඕකනේ අපරාදේ අර පලවෙනි බඹරා .

නියම කවිය මල් 7 හසී

අද තමයි මේපැත්තේ මුලින්ම ආවේ ලස්සන බ්ලොග් එක

ජයවේවා !!

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...