Friday, March 11, 2011

෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 2 ෴

කලින් පෝස්ට් එක බලන්න බැරි උන අය බලලාම එන්නකෝ..
෴ අහෝ දුකකි, සිරගතවී සිටිමී - 1 ෴



කෑ ගැසීම ඉවසීමට බැරුවා
පොඩි එකාගේ ආසාවනේ සිතලා
එහෙනම් පොඩ්ඩක් සෙල්ලම් කරන්න
කියලා මා ටිකකට ඉඩ දුන්නා

ඇබ්බහිවී ගේමට මේකා
එදා දවසේ පාඩමත් මග හිටලා
පැය දෙකෙන් ගෙදරත් නොගිහින්
පැය ගාණක් ගේම්ම ගැහුවා

පහුවදාත් ආ විගසිනා
ගේම් ගසන්නට ලෑස්තිවීලා
අමාරුවෙන් තරවටු කරලා
පාඩම කියලා දුන්නා

පොඩි වැඩක් කරන්නට දී
වතුර උගුරක් බොන්නට ගිය ටිකටා
පාඩම් වැඩ සියල්ල පැත්තක දමලා
එකසිය ගානට ගේම් ගසන්නා

එනපොට හොඳ නැති බව දැනුනා
ගේම් මිස පාඩම ඔළුවට නොගන්නා
අලියා අමතා සිද්දිය කියලා
අවසර ගෙන ගේමට ගේමක් දුන්නා

පහුවෙනිදා උදේ පාන්දරම
ගේම් ගසන්නට දත කට මැදගෙන
එනවිට ගේම නැති බව දැකලා
සිදුවූ දේ විමසන්නට වූවා

වයිරස් ඇටෑක් එකක් ආවා
සියලුම ෆයිල් ඩිලීට් වුවා
ගේම් සියල්ලම නැතිවී ගියා
බොහෝ දුකට සිස්සයා පත්වූවා

වෙනදා ඇති ඇල්මත් නැති වූවා
පාඩම හිතට ගන්නේත් නැතුවා
කුමක් කරන්නද මූට එපානම්
මා දිගටම කියලා දුන්නා

අන්තර්ජාලේ ගැනත් කියාලා
සර්ච් කරන්නට කියලා දුන්නා
මෙන්න හදිසියේම මේකා
ඇල්බට් අයින්ස්ටයින් සර්ච් කරන්නට වූවා

නැවතත් සියල්ල පැත්තක දමලා
ඇල්බට්ගේ ඉමේජ් සොයාලා
සියල්ලම අමතක වූවාක් සේ
එක දිගටම බලාගෙන ඉන්නට වූවා

එකපාරට වූ දේ සිතා ගන්නට නොහැකිව
හා හා දැන් නැවතත් පාඩමට කීවත්
සිහියක් පතක් නැතිවම මේකා
ඇල්බට්ගේ මුහුණම බලාගෙන උන්නා

මූලික දැනුම ලබාදී අහවර වූවා
පන්තියත් එතනින් නිමාවට පත්වූවා
එනමුදු නැවතත් හදිස්සියේමා
සිස්සයා ගෙදරට කඩාපාත් වූවා..

අනේ අක්කේ පන්තියේ වැඩකට
පොඩ්ඩක් ඉන්ටනෙට් යන්නද අසමිනා
දිනෙන් දිනම මේකා
අපේ නිවසට එන්නට වූවා

මෙහි යම් හොරයක් ඇති බව දැනුනා
සොයා බලන විට මේ සිද්දිය
හැමදා ඇවිදින් ඇල්බට්ගේ  ඉමේජ්
දෙසම බලා ඉන්නා බව දැක්කා

ඇල්බට්ගේ මුහුණේ කුමක් තිබෙන්නා
ගෙදරට මෙන්
මටද බොරු කියමින්නා
මේකා නටන නාඩගම කුමන්දා
නොවැටහේ මටනම් කිසිසේත්මා

දැන් දැන් නිතරම නිවසට එන බැවිනා
වැඩ ඇති බව පවසා මා ෂේප් වෙන්නට හැදුවා
එනමුත් ගැලවීමක් නැතිබව දැනුනා
අකමැත්තෙන් වුව මා කාමරයේ සිරගතවූවා


ඔන්න ඕකයි උනේ... මං හිටියොත් අනේ අක්කේ මට මේ විනාඩි 5ක් තිබ්බානම් ඇති කියලා කියවනවා.. ආයේ පැය ගාණකට යන්නේ නෑ... ගමනක් යන්න තියෙනවා කිව්වොත්, අක්කා ඇඳගෙන එන්නකෝ කියනවා..කාට කියන්නද මේ අවනඩුව. ඉතින් මං සිරගත උනා... හෆොයි මට වෙන දේවල්....

 

ප.ලි - හිතට ආපු විදියට එක දිගටම ලියාගෙන ගියා.. වැරදි අඩුපාඩු ඇති.. මෙලෝ රහක් නැතිවත් ඇති.. සමාව බාජනේක දාලා තියලා යන්නකෝ, හරි හරි බාජන ටික ඊලඟ දවසේ දෙන්නම්... හික් හික්.. මගේ මෙලෝ රහක් නැති විකාරයක් කියෙව්වට තැන්කූ ඈ....

18 ක් අදහස්:

Praසන්ன said...

ලස්සනයි..
ඇත්තටම ඔය ඇල්බට්ගෙ මූනෙ තියෙන්නෙ මොනවද?

සෝරෝ said...

ඔය කෙල්ලොන්ගේ හැටි ඔහොමමයි... :h කොල්ලෙක් දැක්ක ගමන් කොහොම හරි ඌ අමාරුවේ දාන්න තමා කල්පනා කරන්නේ.. :n

පවු අර අෂරණ කොල්ලා.. :d

Observer said...

අයින්ස්ටයින්ගේ මුණ බලාගෙන මු ගහන ගේම මොකද්ද? මං ටියුබ් ලයිට්ද? :j

රත්ගමයා said...

අපොයි....පොඩි එකා පරිස්සම් කොර ගන්න...
ම්ට නම් ඔය ඇල්බට් මාමාව ශුවර් නෑ....ඕකා ජීවත් වෙලා ඉන්න කාලේ කොරේ අපේ ඔල කාපු එක..
ඕකා නැති නම් අපේ පිසික්ස් සිලබස් එකෙන් භාගයක් නෑ නේ...
චික් නොදකින්...ඕකා මක්කට මෙව්ව හොයා ගත්තද මන්දා,..මූ නැති නම් අපි පිසික්ස් පීරියඩ් එකේ පෑන් ගහනවා....

පූසා said...

අක්කට සුවර්ද මිනිහා අයින්ස්ටයින්ගේ මූණ දිහාමයි බලන් හිටියේ කියල :q

පබලු said...

වෙච්චි වැඩක්..ඉන්ටර් නෙට් ඩිස්කනෙක්ට් කරා කියලා ශේප් වෙන්ට හසී නගේ

හසී said...

@Praසන්ன - අනේ මන්දා අයියේ... බලා ඉන්නවා මෙලෝ සිහියක් නැතිව :h :h

@සෝරෝ - අලේ ඔයා නෝටි සෝරෝ.. මන් පව් නැද්ද :s :s

@Observer - ආවාම මං PC එක දාලා දීලා යනවා වැඩේ කරගන්න කියලා.. ෂේප් එකේ ඇවිත් බලනකොට හැමදාම ඇල්බට්ගේ ඉමෙජ් එකක් දිහා බලන් ඉන්නවා.. :h මොන ආතල් එකක් ගන්නවාද මන්දා.. :j :j

@රත්ගමයා - හික් හික් පොඩිමත් නෑ.. o/l කරලා ගෙදර ඉන්නේ දැන් :c

@පූසා - ඔව් ඔව් මං දවස් දෙක තුනක්ම දැක්කා.. සයන්ස් කරන්න ආසාවෙන් බැලුවත් ඇල්බට්ගේ මූනේ මොනවා තියෙනවාද? :j ඔන්න සූත්‍රයක් වගේ බලනවානම් කමක් නෑ.. මේක මේ මූනක් දිහා සිහියක් පතක් නැතිව බලා ඉදීමක් නේ :h

@පබලු - අයියෝ දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා.. :a වයිරස් ගාඩ් නෑ කියලා නෙට් යන්න බෑ කිව්වා.. :d නෙට් කපාහැරලා කිව්වා.. :d ටික දවසක් නැතිව හිටියා. :c ඊට පස්සේ නොකියාම කාමරේට කඩාපාත් වෙනවා.. :h :h මං ඉතින් නෙට් එකේනෙ ඉතින් මක් කරන්නද දෙනවා.. :j හරියන්නේම නැති තැන මට ක්ලාස්, ගමනක් යනවා කියලා හරවලා යැව්වා.. :c උදේට හරවලා යැව්වාම හවසට එනවා. :h :hඒ පාර තමා සිරගත උනේ.. :s :s මං මෙහේ නෑ අක්කලාගේ ගෙදර ගිහින් කියන්න කියලා... :d

෴ හසියා ෴ said...

පව් පොඩි එකා....
පොඩි උන්ට සලකන විදිහ තමා ඔය...

මාරයාගේ හෝරාව said...

අඩේ මේකා එන්නේ වෙනම පොටකට වගේ..

Kusal said...

අපොයි දෙයියනේ!!!!! අර අහිංසක කොලු පැටිය මේක දැක්කනන් වහකයි :D

Shaminda Ekanayaka said...

පොඩි එකා උනාට ගානට වැඩී වගේ.......

Anonymous said...

නගේ පොඩියක් බලන්න කොල්ලා හැමදාම බලන් ඉන්නේ ඈල්බාගේ එකම මූනද කියලා.. මොකද මං දැකලා තියෙනවා ගෑනු රෑප වලින් හදපු ඈල්බාගේ මූනක්...

හසී said...

@හසියා - අපොයි ඔව් පව්නේ කියලා ඉඩ දුන්නාම මේකා කරේ නගින්න එනවානේ :h :h :j

@මාරයා - ඒක තමා අයියේ.. මටනම් ඇල්ලුවේම නෑ :j :j

@Hasitha ජයසූරිය - හික් හික් :q :q :q

@ශාමින්ද - ඒකනේ.. :c එත් ඇල්බට්ගේ මූණේ මොකක් තියෙනවාද මන්දා :j :j

@prasanna86k - හැබැමයි.. :r හැබැයි දැන් දවස් දෙකකින් මිනිහා ආවේ නෑ.. මං මඟ අරිනවා කියලා තේරුනාද දන්නේ නෑ. :b හැබැයි මේකා වෙන වෙන ඒවා බලා ඉදලා මං එද්දි ඇල්බාගේ මූණ දානවාද දන්නේත් නෑ... :j :j

~ChAnDiKa~ said...

ශරි ශරි. හශියා ඇඳලා. ශුවර්. කොලු පොඩ්ඩා හශියව අන්දලා.. අපොයි. මට හිතාගන්න පුලුවන්. :e

~ChAnDiKa~ said...

හිස්ටරිය බලපං නගේ..........

චතුවා said...

මෙවන් පොරක් මටත් සෙට් වෙමින් පවතී මේ දවස් වල.. දැක්කනේ අර පොඩි එකෙක් ගැන මගේ මූණුපොසේ ස්ටේටස් එක... මේකා දැන් හැම වෙලාවෙම අපේ ගෙදර එන්න අඩවයි කියන්නේ... හනේ.. අපිට ඇයි මෙහෙම වෙන්නේ.....

හසී said...

@ChAnDiKa - හිස්ට්‍රියේ තියෙන්නේත් ඒකම තමා අයියේ... මේකාට ඇල්බටේරියාද කොහෙද

@චතුවා (ළමයා)- ප්‍රවේසමෙන් ළමයෝ.. පුළුවන් තරම් ෂේප් වෙලා ඉන්න බලන්න

Anonymous said...

පදටික ලස්සනට ගැලපිල තියෙනව නගේ.. :e

ටිකක් ප්‍රවේසමෙන් නගේ.. පොඩි එකා වුනාට නෙට් ගියොත් මොනා කරනවද කවුද දන්නෙ ඇල්බට්ට වහං වෙලා.. :f

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...