Sunday, May 1, 2011

♪ ♫ ඩොකි දුටු සංගීතය ♪ ♫



සෑම අවුරුද්දක මෙන්ම මෙවරද අපේ ගමේ අවුරුදු උත්සවය හා සංගීතය පැවැත්විය.අවුරුදු උත්සවය දිනයේ මේ පලාතේවත් නොහිටි නිසා එයට සහභාගී වීමට නොහැකිවිය.සිටියාද යන්නේද නැත, එය වෙනම කථාවකි.කෙසේ හෝ අලුත් නෑනන්ඩියට සංගීතය බැලීමට ඕන වූ නිසා මාද, ලොකු මස්සිනා අක්කා, පුතා, ලොකු අයියා හා නෑනන්ඩිද පිටත් විය.අප නිවසේ සිට මීටර් 50ක් පමණ දුරින් පිට්ටනිය පිහිටා ඇත.. 
කුඩුකාරයන්ට පින්සිදු වෙන්නට පාරෙ විදුලි බුබුලු නොමැතිවීම හේතුවෙන්.. ටෝච් එකක් ගෙන අප ගමන ආරම්භ කරන ලදී. ටික දුරක් යනවිට තුන්මං හන්දියක් හමුවේ.. එහි සිට දිගටම පාර පුරා සුරමතින් මත්වූ බේබද්දෝය.... අයියාලා අක්කලා මාව මැදිකොටගෙන පරිස්සමින් යන ලදී... පිට්ටනිය දෙසට ලංවන විට පාර හරස් වෙන්නට ගැසූ තඩි ලොරි දෙකකි.යන්තම් අමාරුවෙන් රිංගා ගොස් අපි අයිනකින් හිටගන්නා 
ලදී.යාළුවෝ සිතීදැයි හෙමිහිට වටපිටාවට චැනල් එක දාන කල දුටුවේ ගස් උඩ පවා මිනිසුන්ය.අසල නිවාස කිහිපයේම වහළ උඩ පවා සෙනගය..මට සිහි වුයේ නාළගිරි දමනය නරබන්නට පැමිනි මිනුසුන් ගැන බුද්ධාගම පොතේ තිබූ විස්තරයයි..මුලු ගමම මෙතනය..  අපි විතරයි අඩු. දැන් ඒකත් හරිය.අයියද හෙට ගමනක් යන බැවින් නොපැමිනි නිසා අයියාගේ යාලුවෝ හෝ සිටීදැයි බැලුවද එකක්වත් නැත.අපුරු මල්වෙඩි ටිකක්නම් දුටුවෙමි...  එනවුන්ස් කරන එකා මොනාදෝ හැල්ලක් කියවනු ඇසී වේදිකාව දෙසට 
දෑස් යොමුකලද මටනම් කිසිවක් නොතේරිනි..

ඔව් පිලිගන්න ඔබේ ආදරණීය ගායකයා මොරටු පුත්‍රයා... ඇහ් මේ මොකාද මම මෙහෙම එකෙක් ගැන අහලා නෑනේ..

අසංග ප්‍රියමන්ත පීරිස්..... 

සුවර් එකට නිවේදකයාට වැරදෙන්නට ඇතැයි මට සිතිනි.සින්දු අසමින් නැවතත් වටපිටාවට චැනල් එක දමන විට ඈතින් කුමක්දෝ සුදු පැහැති ගුලියක් අහසට විසි වෙනු පෙනිනි.මසිතට බියක් දැනුනේ අවුරුදු 8ක පමණ ඉතිහාසයක් ඇති ප්‍රගති නයිට් එකේ එක් වරක් සිදුවූ වලිය හා පිහි 
ඇනුමයි.. එය බෝම්බයක් වුවහොත් සංගීතයක් බැලීමට පැමිනි ප්‍රථම වතාවේම මැරෙන්නට සිදුවනු ඇත.. නැත නැත මාහට වැරදී ඇති සෙයකි. ඒ කොල්ලෙක්.. ඔහුගේ යාලුවන් ඔහුව ඔසවා උඩ දමති.. හෆොයි කොයි වෙලාවේ හෝ ඒකාගේ කොන්ද කැඩෙනු ඇත.ඒ අස්සේ කුඩා කලු ගුලියක්ද අහසට විසිවිය.. නැවතත් බෝම්බ බිය මසිතට ඇතුලුවිය. නැත නැත එය හෙල්මටයකි.. මුන්ට නිකම් ඉන්න බැරිව එක එක එව්වා උඩ 
දමති.. අපි බයේ ගැහෙන්න බව නොතේරේද?පොලිස් මාමාලා දෙදෙනෙක්ද මඩවලක් අසල සිටී..කොල්ලන්ගේ දැඟලීම හේතුවෙන් මාමලා දෙන්නා මඩ වලට වැටෙයැයි මා බලාපොරොත්තු වුවද එය එසේ සිදු නොවිය.

නැවතත් කාටදෝ වේදිකාවට ආරාධනා කලද මට ඔහුගේ නම නෑසිනි. වයසක මනුස්සයකු සේ ඈතට පෙනේ..කොන්ඩයද වවා තිබුණි.. 

මම කැලුම්.. ඔබයි දේදුනු...♪ ♫ ♪ ♫

මේ සින්දුව කියන්නේ චාමික සිරිමාන්න වුවත් මෙහි සිටින්නේ වෙනකෙක් බව මට හැගුනි.. මෙවරත් මට වැරදුනි.. ඒ ඔහුමය.. වයසක මිනිසෙකු සේ පෙනුනේ මන්දැයි දැනුදු මට ප්‍රශ්නයකි.. එක්කෝ මගේ ඇස් ඩොකෙකුට පෙන්නිය යුතුය,නැත්නම් ඒකාට පිස්සුය.තවත් දෙදෙනෙකු පමණ සින්දු කීය.මම ඒ පැත්තට කණ දමා ඇස් පිට්ටනිය සිසාරා යොමු කලේ එක එකාගේ පණු ඩාන්ස් (නෑ නෑ පණුරාධ නෙමේ)බැලීමටය.උදේ වැස්ස නිසා පිට්ටනය මඩ වී ඇත..කොල්ලෝ එහි මඩ තලති..මෙය කලකට පෙර ගල්වලකි.එය ගොඩ කර ඇත්තේ සීපා නම් සෙරප්පු කොම්පැනියේ රබර් කෑලී දමාය. අදටත් සංගීතය දවසට පිට්ටනිය බම්ප් වේ,වුවමනාවෙන්ම උඩ පනින්න අවශය නැත.. පිට්ටනිය මැදට ගිය විට නිකම්ම බම්ප් වේ... ඔව් මෙන්න පිලිගන්න ඔබේ ආදරය දිනූ පුංචි තරුව.... පුංචි කෙල්ලෙකු වේදිකාවේ සිටී..ළමා ගීත අහගන්න පුලුවන් වේයයි මට සතුටක් ඇති විය.. 

පින්න පිපෙන රෑයාමේ එන්නදෝ සොයා..♪ ♫ ♪ ♫

ෂික් දැන්කාලේ හැදෙනා පොඩිවුන් ගන්නම දෙයක් නැත..ඒ අතින් අපි හෙන හොඳය. වැඩිහිටි ආදර ගීත කීපයක්ම ඇය ගායනා කලේය.. මටනම් ලැජ්ජා සිතිනි. එක අතකට දැන් කාලේ ඔහොම තමා.. අම්මාගේ බඩේ ඉද්දීම සියල්ල දැනගෙන හමාරය.අපේ ළමයි ගැන මට දුක සිතුනි...අවසානයේ ඈ මහරජාණන්ට කථා කලේය..මෙය හරි යන්නේ නැත.පොඩිවුන් ආදර ගීත කියන කල ඊලඟට එන එකා මොනවා කියයිදෝ සිතමින් අප නිවස බලා එන්නට පිටත් විය..නෑනාගේ අතේ එල්ලී පොඩි එකෙකු සේ ගෙදර පැමිණියෙමි... 
උදේ අවදි වූ අපේ අයියා,
යකෝ අපි හොඳයිනේ මේකා සංගීත වලට ගිහින් එන්නේ රෑ දොළහත් පහු වෙලා යි කීයා මා  එයාගේ කැරැට්ටුව දිග ඇරීමට පෙර ලිස්සා ගියේය.

19 ක් අදහස්:

වැප් said...

මීටර් 5ක් පමණ?????

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

වෙලාවට බ්ලොග් ලියන වෙන කවුරුවත් සංගීතයට නොගියේය.. ගියා නම් අද වන විට අක්කාගේ නැ‍ටුම් වාර්තාවද අපිට කිවන්නට තිබුනි. අහෝ.. එය කෙතරම් අප‍රාධයක්ද.. අනිවා ඔය පැත්තේ කිහිප දෙනෙකුට බ්ලොග් ලිවීමට කියා දිය යුතුය' :b

හසී said...

@වැප් - වැරදීමක් 50ක් පමණ.. :d ආවොත් හොයන්නෙම වරදක්නේ.. :p

@Yohan Kanishka | යොහාන් කණිෂ්ක - නෑ නෑ ඕන නෑ.. මේ පැත්තේ අය ඔව්වා දන්නේ නෑ.. මම නැටුවේ නෑ :c

මලිති said...

හි හි....:t කථාව හරිනේ අයියට කලින් නංගි එන්න ඕනා අනිත් දවසේ... නැත්නම් අක්කට ලිස්සන්න ග්‍රීස් දාගන්න වෙයි අනිත් පාර :a

~ChAnDiKa~ said...

:a
ඔව් මෙන්න පිලිගන්න මීලගට ඒ සදාදරණිය යොවුන් හදවත් පිවිතුරු ආදරයේ මනරම් සුවඳින් පුරවාලු යුගයේ ප්‍රේමණිය ගීත රැසක් ඔබවෙත තිළිණ කල හෙල ගීත අඹරේ ගීත කෝකිලාවිය......
:g
හසිකා.. හෙට්ටිගේ................
:t :t :t :t :t :t :e
:o

:) :d ස්තුතියි....

ඩඟරං ටං ඩඟරං ටං...
ටකං ටොකං...... ඩඟරං ටං......

"
රණ හංස යුවල නිමල නිල් ජලාසේ............
බ්ලා බ්ලා බ්ලා...... "
:f

:p

Shaminda Ekanayaka said...

ෂැක් කියලා වැඩක් නෑ. ඩොකී ඩාන්ස් මොන වගේද බලන්න තිබුනා අපිත් ගියානම්. හික් හික්.

කිඩෝ said...

හි හි... දැන් ඉතිං ඇස් දෙක ඩොකාට පෙන්නල බෙහෙතක් ගත්තද? :c දැන්ම බෙහෙතක් අරගත්තොත් හොදා නැත්තං කල් යනකොට කේස් වැඩියි..... :o

Anonymous said...

නංගියේ නංගියේ දැන් නැගටපං... එලිවෙලා ය​කෝ...

අර ​කොහොමයි ඈස් යොමුකරලා සවන් දෙන්නේ...?

Observer said...

හෙහ්...හෙහ්....හෙහ්... :b

Jeew said...

තාම කකුල් දෙක රිදෙනවා ඇති නේ....

duliponline said...

මට මැවිල පේනව නගා "පොට පැනපු බෝල්ට් ඇනයක්" වගේ එක තැන නටනව . . . .

හිස් අහස said...

අපේ ගමේ මිනිස්සු නම් ..සංගීතයක් දවසට පිට්ටනියේ පැදුරු එලාගෙන වැඳගෙන බොහෝම නිහතමානීව සංගීතය රස විඳිනවා .ඔය වගේ ජෝගි නටන්නේ නෑ .

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

"ෂික් දැන්කාලේ හැදෙනා පොඩිවුන් ගන්නම දෙයක් නැත..ඒ අතින් අපි හෙන හොඳය. වැඩිහිටි ආදර ගීත කීපයක්ම ඇය ගායනා කලේය"

මොකක්ද මේකේ තියන වැරැද්ද .. පොඩි ලමයෙක් ලස්සනට සින්දු කියනව නම් , සින්දුවේ තේරුම (කුණුහරුපයක් නොවේනම් ) බලපාන්නෙ කොහොමද රසවින්දනයට ????

පසන් Sid said...

ඔය කියනා සOගීත ප්‍රසන්ගය නැරඹීමට මව අවසර ලබා නොදුන්නේ ඇයිද යැයි මට දැන් වැටහේ . ඒ මන්ද යත් අපගේ හසී සහොදරිය එහි පැමිනෙන බවට අපගේ මව විසින් කලින් දැනගෙන සිටි නිසා බව මට හැඟේ.සOගීතයට වශි වී ඇය අල්ලනා කස්තිරම් අඩව් මම වැනි අහින්සක ළමා ළපටි කොලු ගැටයෙකුට ජීර්ණය නොවන බව ඇය සිතන්නට ඇත. අහෝ බේදයකි.... අවසානයේ මට එය නැරඹීමට නොහැකි විය...... :s

Anonymous said...

රබර් පිට්ටනියෙ හික්.... නියමෙට නටන්න ඇති ඔහොම කිව්වට දැන් මෙතන.....

හා පැටික්කි (MS) said...

මං කම්පනා කලේ මං ඔහොම එකක් බලන්න ගිහින් නැති එක කොච්චර හොඳද කියලා.......

අර දෙරණේ සූටි තරුවක් එක්තරා දවසක් අපේ පන්තියකට ඇවිත් කියන්න ගත්තේ නැද්ද ඔය වගේම ගීතයක්........ කොල්ලෝ ටික කෑගහන්නැතුව බොහෝම අමාරුවෙන් හිරකරන් හිටියා සර් රැව්ව නිසා. ඇත්තටම අම්මලා සිංදු තෝරලා දෙද්දි ටිකක් විමසිලිමත් වුනා නම් කාට උනත් හොඳයි.........

පන්සල් හංදිය said...

මාර මියුසිකල් එකකනේ .........

පිස්සා පලාමල්ල said...

යකෝ.... දැන් හැදෙන කෙල්ලො... එලිවෙන ජාමෙ ගෙවල් වල එන්නේ සංගීත බලල... ඒකට කොල්ලො ගෙවල් මුර කරනවා.... අනේ කාලේ කිව්වලු හික් හික්

Anonymous said...

:m That's superb!

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...