Monday, November 7, 2011

෴ මගේ පුංචි යාළුවෝ ෴

හසී පුංචි එන්නකෝ ඩිෂුම් සෙල්ලම කරන්න..


පුංචි ගේම් එකක් දාලා දෙන්නකෝ...



නිවාඩු දවසක ආරම්භය හැමදාම ඔහොම තමා.. වෙන කවුරුවත් නෙමේ අක්කාගේ පුතාලා දෙන්නා.. හෆොයි මෙහෙමත් ජෝඩුවක්‌... මාවම තමා අල්ලගන්නේ... මම තාම එයාලා සයිස් කියලා හිතාගෙන ඉන්නේ... ඉතින් අද සටහන ඒ දෙන්නා ගැනයි...



මේ ඉන්නේ සෙනුල්.. මෙයා තමා චිත්‍ර අදින්නේ.. ඔයාලාට මතකත් ඇති.. තාම තුන වසරේ... අම්මේ ඒ උනාට කටනම් 10 වසරේ වගේ.... මෙයා ගැන මගේ මතකේ තියෙන අදටත් කට්ටිය මතක කර කර හිනාවෙන දේ තමා.. මෙයා පුංචි කාලේ කියලා තියෙනවා අම්මේ මම හරි ආසයි හසී පුංචි මාව වඩාගන්නවාට එතකොට මට එයාගේ බෙල්ල බදාගෙන ඉන්න පුළුවන්.. ඒ මොකෝ පුතේ ඒ... එයාගේ බෙල්ල සුදු....යි... හිකි හිකි ;)



මේ ඉන්නේ යෙනුල, මෙයා තමා පුංචි චණ්ඩියා.. තාම අවුරුදු 4 යි. නර්සරි යනවා..  හෆොයි මෙයානම් ඇඟේ එල්ලුනොත් බිමින් තියෙනවා බොරු... වඳුරු පැටියෙක් වගේ කකුල් මාට්ටුවක් දාගෙන ඉන්නවා... මෙයා හැම තිස්සෙම කියන්නේ මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා.. හිතුනාම වෙලාවකට බෙල්ල බදාගෙන උම්මා ගොඩක් දෙනවා.. අපේ පවුලේ වෙන කාටවත් එහෙම කරන්නේනම් නෑ.. අපේ අම්මලා මාව ගෙදරින් යවනවා කිව්වාම කියන්නේ එතකොට හසී පුංචි යන තැනට මමත් එනවා කියලා... බටු ඇටේ.. දොඩම් ගෙඩිය කිව්වම තරහා යනවා ගොඩාක්.. සින්දු කියන්න අහන්න ගොඩාක් ආසයි.. මෙයා ගැනත් මම කියලා ඇති..

ඔන්න මගේ පුංචි යාලුවන්ගේ තව පින්තුර කීපයක්..


"අනේ මාව වැටෙයි අල්ලගන්න" 
(මෙහෙම හිතුනාට ඇත්තටම බයේ හිටියේ අයියා )


මොන්ටිසෝරියක් බලන්න යන ගමන් 


මල්ලිගේ උපන්දිනේට අයියාගෙන් චුටි තෑග්ගක් 


අද තමා මම මුලින්ම ඉස්කෝලේ යන්නේ.. හයියෝ මේ බෑග් ඒක එල්ලගන්නත් බෑ 

8 ක් අදහස්:

duliponline said...

//එයාගේ බෙල්ල සුදූ.....යි...//
කතාව අතරෙ පොඩි ඇඩ් එකකුත් යනවද මන්ද . . .

සංකල්ප said...

හසී නංගි පුංචම්මා කෙනෙකුත් උනා එහෙනම්. මරු ඈ

The Lion said...

ඔන්න පුංචි යාලුවෝ දෙන්නගේ අනාගතයට සිංහයාගෙන් සුභ පැතුම් .....!!!!!!

Pasan said...

හසී.. ඔයාට පුංචි කියන්නේ ඔයාගෙ සයිස් එක බලලද නැත්තං නෑකම බලලද.. :-D

Unknown said...

නියම පොඩ්ඩො දෙන්නා...ඔයාට පාලුවක්නම් නැතුව ඇති නේද????

Anonymous said...

Haneeeeeeee hafoiii...me ara yenula ne... hik hik hik...hari shoook.. :q :f

(Prasadini)

Test Profile said...

පුංචිටම හරියන පුතාලා දෙන්නා....

පිස්සා පලාමල්ල said...

හසී පුංචි ට වැඩ නේ හරියට... කමක් නෑ කමක් නෑ.. දැන් තිය පුරුදු වෙන එක හොඳ ළමයි බලාගෙන හික් හික්

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...