Thursday, November 10, 2011

෴ ඩොකිගේ බස් චාරිකා ෴


හා හා කට්ටිය වැරද්ද ගන්න එපා මේ ගුගල් බස් නෙමේ.. ඇත්ත බස්.. ලංකාවේ අපේ බස්.. හික් හික්..

ඔන්න ඉතින් ඩොකි උදේ පාන්දරින්ම නැගිටගෙන ගමනක් යන්න ලැස්ති වෙලා.. හරි හරි පැයක් විතර ලැස්ති උනේ නෑ.. මම සාමාන්‍යයෙන් ඉක්මනින් ලැස්ති වෙනවා..(ඇඩ් එකක්ද මන්දා) මගේ මල්ලත් එල්ලගෙන ඔන්න පිටත් උනා ගෙදරින්.. 120 බස් පාරට ටිකක් පයින් ඇවිදින්න ඕන. ඉතින් මම උදේ පාන්දරම  වටපිටේ සිරි නරඹ නරඹා ඇවිදගෙන යනවා.. ඔහොම ඇවිත් යන්තම් පාරත් පැනගෙන බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා.. අම්මේ ඔෆිස් යන අයියලා, අක්කලා, නැන්දලා, මාමාලා, ආච්චිලා, සීයලා ඔක්කොම උදේ පාන්දර පවුඩර්, මේකප්, ජෙල්,ක්‍රීම්, මෙකි නොකී සෑම දෙයක්ම මුණේ, ඔලුවේ  තවරාගෙන ඉන්නවා.. හෆ්ෆේ මම හිතුවේ වැරදිලා මම වෙන ලෝකෙක ඉන්නවා කියලා.. ටිකක් ඉද්දි මෙන්න එනවා බසයක්.. 



හෆ්ෆා බස් එක පැත්තට ඇල වෙලා.. නගින්න තියා හිතන්නවත් බෑ.කට්ටියක් බස් එක නවත්තද්දී ලඟට ගියාත් එකේ බහින කෙනෙක් නෑ වගේ.. හිටියත් බහින්නේ කොහොමද සැමන් පැක් කර‍ලා වගේ.ඔහොම ඉද්දි තව බසයක් ආවා යන්තම් ෆුට් බෝර්ඩ් එකේ මමත් එල්ලුනා. ෆුට් බෝර්ඩ් එකේ ගිහින් පොඩි එක්ස්පිරියන්ස් එකකුත් තිබ්බා මට,, යන්තම් ඇතුලට යා ගන්න ඉඩ හම්බුනා, මම ෆුට් බෝර්ඩ් හිටියොත් මට ෆලයින් ලයිසන් හම්බවෙයි කියලාද කොහෙද.. ඔන්න ඉතින් යන්තම් ඇතුලට රිංගගෙන බස් එකේ මැද්දේ පෝලිමේ මමත් සැමන් ටින් එකක් ඇතුලේ ඉන්න මාළුවා වගේ පැක් උනා. ඒ කිව්වේ එතනින් එහාට කොහේටවත් යන්න තියා හෙල්ලෙන්නවත් බෑ, එක පොදියට ඒ අතට මේ අතට පාවී පාවී ගියා ටික දුරක්.. 


ඔන්න ටිකකින් අක්කා කෙනෙක් ඔරුවක්‌ වගේ බෑග් එකක් ගෙනවිත් මගේ කොන්ද උඩ, හෆ්ෆා හෙලවෙන්න බැරි මම කොහොමද මේ බර කරගහන්නේ.. යන්තම් ෆිට් එක අරගෙන එහෙට මෙහෙට හෙලවෙන්න බැලුවා ,මොන හෙලවෙනවා තියා හිතන්නවත් බෑ. කොහොම හරි ඒ බරත් කරේ තියාන ටික දුරක් යද්දී කොන්දොස්තර මාමා සල්ලි ඉල්ලනවා.. වෙලාවට බස් එකට නගින්න කලින් අතට සල්ලි ගත්තා.. "ටිකට් ගන්න.. ටිකට් ගන්න.." කිව්වාට මොකෝ ටිකට් නම් හම්බුනේ නෑ.


මොනා උනත් බසේ යද්දී උල් කටුවක් අරගෙන යන ඒක ශරීරේට ගුණයි කියලා මම නිර්දේශ කරනවා. මොකද සමහර මිනිස්සු කෙලින් හිටගෙන යන්නවත් බැරුව ඉද්දි කරන වැඩ නම් කියලා වැඩක් නෑ.. සමහරුන්ට හරිම විනෝදයක් ඒක..හෙලවෙන්න බැරි බස් එකේ අනවශ්‍ය ප්‍රයෝජන ගන්න ඒක එයාලාගේ පුරුද්ද වෙන්න ඇති.. 


ටිකක් දුර යද්දී සෙනග බැහැලා යද්දී මමත් කෙලින් හිටගෙන වටපිට පොඩ්ඩක් බැලුවා.. මගේ එහා පැත්තේ එළු රැවුලක් වවපු සුදු අයියා කෙනෙක් නැළවෙනවා... ඈ.. මේ මොකෝ මේ...??? ආ මෙයා සින්දු අහනවා.. ජස්ටින් මල්ලි ලෝබි ලෝබි කියනවා මට ඇහුනා.. මෙයා එක අහ අහ නැළවෙනවා.. බස් හෝල්ට් එකේ ලස්සනට හිටියාට මොකද බසේට නැග්ගාට පස්සේ කට්ටියගෙම මේකප් දිය වෙලා ඔලුවේ තිබ්බ ජෙල්, තෙල් එක්ක මික්ස් වෙලා  කළු වෙලා, දාඩිය පෙරාගෙන.. එතරම් හොඳයිනේ අපේ බස් සේවය.. ;) 


යන්තම් ගමනාන්තෙට ඇවිත් මම බැහැගත්තා.ඒ යද්දී හිතුවේ ජිවිතේ මල් කියන  දිල් අක්කා යනවා වගේ බස් එකේ යන එකත් එක්තරා විදියට රස්තියාදු චාරිකාවක් නේ කියලා.. හි හි :)


 එහෙනම් හම්බවෙමු තවත් ඩොකි ගේ චාරිකාවක් එක්ක..



21 ක් අදහස්:

~ChAnDiKa~ said...

මොක ද ඒ පාර බස් කතා රැල්ලක් :f

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

ඈ මෙන්න මෙයත් බස් එකක ගොහින්.. හොඳා හොඳා.. ඉස්සරහට රස්තියාදු කතා ටිකක් බලන්න පුලුවන් වේවි වගේ..

රොකියා | Udara said...

ස්කුටරයක් ගත්තනක් ඔය කරදර මුකුත් නෑනේ .........

මොනවා මේ දවස්වල බ්ලොග් ලියන කෙල්ලොටික ලංකාවේ පොදු ප්‍රවාහන සේවයවිවේචනය කරනවා වැඩියි:d

Sadish said...

Siraa..:D :D

ජීවිතේ මල් said...

හා හා.. කෝච්චියෝ... කෝච්චි කතා විතරක් නෙවි බස් කතාත් ලියන්න හැකි නේද ඩොකි නගා :)

ජය වේවා ! රස්තියාදු චාරිකා එහෙනම් යන්නෙ ඔය ගජරාමෙට.. :)

:)

Sabith said...

ඉස්සර සුදු දිග කලිසම ඇඳන් ඉස්කොලේ යද්දිත් එහෙමයි!සමහර අක්කලා වැස්ස දවස් වලට එහෙම ලස්සනට උලාගෙන යනවා ආයි කලිසමේ දනහිස ගාවට වෙනකම්ම මඩ!ඊට පස්සේ ගෙදර ආවම අම්මගෙන් බැනුම් හෝදන්න දුන්නම!සැප කනේ!

හිස් අහස said...

මට පේන්නේ ඔයා කාලෙකින් බසයේ ගිහිල්ලා වගේ .. මම නම් දිනපතා බසයේ ගිහින් මගේ සකල සරීරෙම බසයේ යන්න හැකි පරිදි හැඩ ගැහිලා . ජිම් එකකට නොගියත් මගේ ඇගපත හරිම දඩාරයි

මගේ දෑත් හැදුනේ බසයේ පුඩ් බෝඩ් එකේ ගිහිල්ලා . පපුව හැදුනේ උඩ බාර් එක අල්ලං ගිහිල්ලා .. මම කවදත් බස් ගමනට ආසයි

රුචා said...

වහින දවස් වලට බස් එකේ ඉස්කෝලේ යනකොට සුදු කලිසම බේරගන්න විදපු දුකක්. ෆුට් බෝර්ඩ් එකේ ගියොත් මඩ නාන්න වෙනව.ඇතුලට ගියොත් කකුල් පාරවල් වදිනව.
ඒ වුනත් බස් තියන් පයින් යන්නෙ මොකටද කියල හිතල. බස් එකේම යනව

duliponline said...

බස් . . . අයි මිස් යූ සෝ මච්. . . . .

නදුන් උයන said...

ඉස්සර අපි ගිය පාරේ කවදාවත් වෙලාවට බස් ආවෙ නෑ... ඊට පහු කාලෙදි වෙලාවට බස් එනව.. කිට්ටු වෙන්න බෑ සෙනග... අපිත් එක්ක හිටපු අය්ය කෙනෙක් කියුවේ... "මල්ලි ඉස්සර බස් නැති කාලේ .. "භව දුක....." දැන් බස් තියනව සෙනග වැඩියි... ඒ කියන්නේ .. "භව කර්ම" කියල....

ඔයාගේ ලිපිය කියෙව්වහම මට ඒ කතාව මතක් උනා....

Dinesh said...

ලංකාවේ බස් එකක යනවයි කියන්නේ ඉතින්.....

Unknown said...

හපොයි... මාත් අද උදේ ආවෙ ඔය වගේ තමයි... :s

The Lion said...

ඩොකී රස්තියාදුවක ගිහිල්ලා ...:p

geeth said...

මාත් කටුවක් අරන් යන්න හිතන් ඉන්නේ...

හිතුමතේ said...

අම්මේ හැමෝම හිතුමතේ රස්තියාදුවේ.. ලබන වික් එන්ඩ් එකේ මමත් ගහන්න ඕනා රස්තියාදුවක් බස් එකක..... හිතුමතෙගේ මුල්ම පැමිනිම
:m

පිස්සා පලාමල්ල said...

120... අපොයි මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා... ඔය පාරෙ සෙනග නැති වෙලාවක් නෑ අප්පා....

පිස්සා පලාමල්ල said...

120... අපොයි මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා... ඔය පාරෙ සෙනග නැති වෙලාවක් නෑ අප්පා....

priyantha said...

හිකිස්..
ඉස්කෝලේ ගිය කාලේනේ මතක් උනේ. දැන් නම් බස් එකේ යන්නේම නැති තරම්. ඇයි දන්නවාද. අපිට තියනවා ගූගල් බස්...:DDD

Observer said...

බස් එකේ පින්තුරෙ දැක්කම නිකන් උණ ගැනෙන්න වගේ....

Anonymous said...

මටත් හිතුනනෙ දවසක මාත් ලියන්ටෝන කියල මේ කලබැගෑනිය.. අනේ මෙහෙමත් සේවයක්.. අෆ්ෆා කියල වැඩක් නෑ

Anonymous said...

බොලා වගේ දත් මදින්නැතුව මූණ හෝදන්නැතුව ඇඳුම් මදින්නැතුව ඉතින් කාටත් ඉක්මනට ලෑස්තිවෙන්න බැරියැ..

හික් හික්.. 120 ගැනනම් කතා කරන්න එපා.. තනි ඇහැට ඇඬෙනවා

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...