Wednesday, March 31, 2010
මගේ බ්ලොග් අඩවියත් සින්ඩියට ඇතුලත් කරගෙන......
මගේ බ්ලොග් එක සින්ඩියට ඇතුලත් කරගෙන. ඒ උනාට මට ඊ මේල් එකක් නම් ආවේ නැ. එත් අද මම මගේ බ්ලොග් එක සින්ඩියෙ තියෙනවද කියල චෙක් කරලා බැලුවා, එතකොට තමා දැක්කේ හසීගේ සිතුවිලි සින්ඩියට ඇතුලත් කරගෙන කියලා. මට ගොඩාක් සතුටුයි, ඒ වගේම මම කාලිංග අයියා ඇතුලු සින්ඩියේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.සින්ඩියේ ඉදිරි ගමනට මම හදවතින්ම සුබ පතනවා.ගොඩාක් ස්තුතියි!
Labels:
එව්වා මෙව්වා
Tuesday, March 30, 2010
පිය මනිමු අපි....
සියළු දුක් කරදර අමතක කොට,
පිය මනිමු අපි ඉදිරියට,
තනන්නට අපේ ලෝකය.....
දෙන්න මට චූටිම චුටි ඉඩක්,
පිය මනිමු අපි ඉදිරියට,
තනන්නට අපේ ලෝකය.....
දෙන්න මට චූටිම චුටි ඉඩක්,
ඔබේ හදවතේ සදාකාලිකව රැදෙන්නට.......
Labels:
නිසදැස්
Sunday, March 28, 2010
හුදකලා වු මොහොතක.......

අනාගතය සුන්දර කර ගැනීමට,
වර්තමානයේ ආදරණීය නිමේෂයන් කැප කරමින්,
අතීතයේ සොදුරු මතක සටහන් අතර සැරිසරමින්,
ඔබ එන පෙර මඟ බලා සිටිමි මම කල්පයක් වුව....
Labels:
නිසදැස්
Saturday, March 27, 2010
ඔබේ ජීවිතයට එකතු කරගන්න යමක්...........
* ඔබේ අරමුණ අළුත් දෙයක් නම්, කරන්න කවුරුත් නොකල යමක්........
* ජිවිතයට ඇවැසි තැනට නොව, ඔබට ඇවැසි තැනට ජිවිතය ගෙන යන්න........
* ඔබට අහිමි වු සෑම දෙයකින්ම ඔබ යමක් ලබාගෙන ඇත. ඔබ ලබාගත් සෑම දෙයකින්ම ඔබට යමක් අහිමිවී ඇත........
* අභියෝග ජිවිතය වෙනස් කරයි. ජයගත් අභියෝග ජිවිතය අර්ථවත් කරයි........
* සාර්ථකත්වය හිසට ඉහලින්ද, අසාර්ථකත්වය හදවත තුලින්ද, ගමන් කිරීමත ඉඩ නොදිය යුතුය........
* ශක්තිමත් මිනිසෙක් වන්නේ ශරීරයෙන් නොව, සිතේ ඇතිවු ආවේගය තමන් විසින්ම පාලනය කරගත හැකිවිටය........
* ප්‍රාර්ථනා කරන්න පහසු ජිවිතයකට, ප්‍රාර්ථනා කරන්න ශක්තිමත් වන්න........
* ඔබේ හැකියාවට සමාන වු ක්‍රියාවන් බලාපොරොත්තු නොවන්න. බලාපොරොත්තු වන්න හැකියාවක් ඒ ක්‍රියාවන් හා සමාන වු, ඔබ කල දේ ආශ්චර්යමත් නොවුවද, දිනෙක වේවි ඔබ ආශ්චර්යමත් අයෙක්........
ඔබට සුභ දවසක්....................
මට ලැබුනු ඊ - මේල් ලිපියක් ඇසුරිනි.
Labels:
එව්වා මෙව්වා
Thursday, March 25, 2010
ඔන්න මමත් ආවා................
ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තා.මම ඉතින් තාම ආගන්තුකයි මේ බ්ලොග් කෙරුවාවට.මේ බ්ලොග් එක ලියන්න උදව් කරපු ජේ.ඩීට තමා මුලින්ම ස්තූති කරන්නේ.
ඒ වගේම හැම මොහොතේම මගේ ලඟින් ඉදන් මට ශක්තියක් වෙච්ච මගේ යාළුවෝ, (චාරු,මිලින්ද අය්යා,ලහිරු, ප්‍රසා, හෂානි සහ නිහඩව සිටියත් හදවතින් මා ලඟින් සිටි අයටත් ) මගේ හිත ශක්තිමත් කරපු ඔයාටත් මම ස්තූතිවන්ත වෙනවා.
මම තාම අළුත් නිසා මගේ අඩුපාඩු පෙන්නා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...........
හසී
ඒ වගේම හැම මොහොතේම මගේ ලඟින් ඉදන් මට ශක්තියක් වෙච්ච මගේ යාළුවෝ, (චාරු,මිලින්ද අය්යා,ලහිරු, ප්‍රසා, හෂානි සහ නිහඩව සිටියත් හදවතින් මා ලඟින් සිටි අයටත් ) මගේ හිත ශක්තිමත් කරපු ඔයාටත් මම ස්තූතිවන්ත වෙනවා.
මම තාම අළුත් නිසා මගේ අඩුපාඩු පෙන්නා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා...........
හසී
Labels:
එව්වා මෙව්වා