Saturday, May 1, 2010

හිමිවීමම ආදරය නොවේ...

අදනම් කවියක් නෙමෙයි ලියන්නේ, ටික දවසක ඉදන් ලියන්න ඕන කියලා හිතුන දෙයක් මේක. මම මේ ලියන්නේ මට දැනුන දේ,

මේක "හිමිවීමම ආදරය නොවේ" මම දැක්කේ රූපවාහිනී නාලිකාවක අලුතින් පටන් ගන්න, හදන ටෙලි නාට්‍යයක තේමාව.....
ඒක ඇත්ත කියලා මට හිතුනා... ජීවිතේ සමහර වෙලාවට අපි කෙනෙක්ට ගොඩාක් ආදරේ කලත් එයාට එක තේරුම් ගන්න බෑ.
කොච්චර ලඟින් හිටියත් තේරෙන්නේ නෑ. එක සමහර විට දෙන්නාගේම නොලැබීම වෙන්න ඇති.. එකනේ හිමිවීමම ආදරය නොවේ කියන්නේ..ආදරේ අහිමි උනාම අපි ගොඩාක් දුක් වෙනවා. සමහර අය වැරදි තීරණ අරන් ජිවිතේ විනාස කර ගන්නවා..මගේ ආදරේත් මට නැති උනා, ඒ වෙලාවේ මමත් ගොඩක් හිතින් වැටුනා.
මම හොදට බලලා තියෙනවා මට ප්‍රශ්නයක් වෙන හැම වෙලාවෙම මගේ හොඳම යාළුවෝ මගේ ලඟින්ම ඉන්නවා,මම ප්‍රශ්නේක කියලා එයාලට නොකිව්වත් එයාලා එක දැනගන්නවා.සමහර විට  හොඳ යාළුවන්ගේ අතරේ තියෙන බැඳීම ඒක වෙන්න ඇති. ඒක වෙලාවකට මට හරි පුදුමයක්... මම පෙර ආත්මෙක ලොකු පිනක් කරන්න ඇති මේ වගේ හොඳම යාළුවෝ ටිකක් ලැබෙන්න.මම හිතින් වැටිලා ඉන්න වෙලාවේ මගේ ලඟින්ම හිටපු අදටත් ලඟටම වෙලා ඉන්න යාළුවෙක් මට කිව්වා අපිට දෙයක් අහිමි වෙනකොට ගොඩාක් වෙලාවට ඊටත් වඩා හොඳ දෙයක් අපිට ලැබෙනවා කියලා...ඒක එයා මට කිව්වේ අත්දැකීමෙන්, මම ඒක හොදටම දන්නවා...මොකද එයාගේ සමහර ප්‍රශ්න වලදි මම ලඟින්ම හිටපු නිසා.
එදාම මම කොහේ හරි දැක්කා කෙනෙකුට එක දොරක් වැහෙනකොට තව දොරවල් 100ක් ඇරෙනවා කියලා...ඒක ඇත්ත වෙන්න ඇති.ජිවිතේ එක දෙයක් අහිමි වෙන්නේ ඉදිරියෙදි ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න තියෙන නිසා වෙන්න ඇති.
ඔය අතරේ තවත් යාළුවෙක් කිව්වා මට පොඩි කථාවක්.ඔයාලත් අහලා ඇති සමහරවිට.. අර කථාවක් තියෙන්නේ "කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ" කියලා.මමත් ඕක අහලා තිබ්බාට ඕකේ නිදාන කථාව අහලා තිබ්බේ නෑ.එයා මට ජිවිතේ ගැන ගොඩාක් දේවල් කිව්වා, ඒකෙන් මගේ හිත හැදුනා.අලුත් ජිවිතයක් ලැබුනා.එයා මට කියලා දුන්නා මටත් දවසක් එයි කියලා මෙ අත්දැකීම කාත් එක්ක හරි බෙදාගෙන එයාගේ ජිවිතේ යහපත් කරන්න.
ඉතින් මේ සටහන කියවන කවුරුම හරි ජිවිතේට චුටි දෙයක් හරි එකතු කරගත්තනම් මට ගොඩාක් සතුටුයි. ඒ වගේම ඔයාලට හිතුන දේත් මට කියන්න.ඒ වගේම මගේ ලඟින් හිටපු යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි! ඔබේ අදහස් සඳහා විවෘතයි...

හිමිවීමම ආදරය නොවේ.

පුද්ගලයෙකුට එක් දොරක් වැසෙන විට තව දොරවල් සියයක් විවෘත වේ.

අපට දෙයක් අහිමි වන්නේ ඊටත්  වඩා වටිනා දෙයක් ලැබීමටයි.


14 ක් අදහස්:

Anonymous said...

අනිවා ඩෙපා..... දෙපා සිවුපා කිව්වලු හික්zzz නෑ නෑ විහිළුනෙමයි. කතාවනම් සම්පූර්ණ ඇත්ත නමුත් මාත් අර අන්තිඅම්ට කියපු කතාව ඔයාට කියල තියෙනව නේද ?? " ෴පුද්ගලයෙකුට එක් දොරක් වැසෙන විට තව දොරවල් සියයක් විවෘත වේ.෴"
"෴අපට දෙයක් අහිමි වන්නේ ඊටත් වඩා වටිනා දෙයක් ලැබීමටයි ෴"

ඒක එදත් අදත් හා හෙටත් පොදුයි...... මොනදේ වුනත් දුක්වෙලා නම් වැඩක්නෑ. මොකද දන්නවද අර කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනව වගේ දුකට පස්සෙ තියෙන්නෙ සතුට. ඔයාට ඒක දැනිල නැද්ද. මමනම් ඕනතරම් දුක්ව්ඳල තියෙනව අදටත් විඳිනව නමුත් මගේ ජීවිතෙන් කවුරුත් දුකක් දැකල නැතුව ඇති අන්න එකතමා සතුට කියන්නේ......
:D ..........

දිල් said...

එකගයි ඔයාගෙ අදහසට..හිමිවීම විතරක්ම ආදරය වෙන්නේ නෑ. හිමි උනා කියලා ලග උන්න අය ටික කාලයකින් යන්නත් පුළුවන්නර ආදරයත් අරන්...

ඇත්තටම අපිට හිමිවෙන්නේ නැති දෙයකට අපි ආදරය කරනව වැඩී.සමහර වෙලාවට ඒ දෙය වටිනාකමිනුත් වැඩී.....එහෙම නේද හසී

Raven said...

ආදරය යනු හිමිකරගැනීමක්ම නෙමෙයි. එක්තරා විදිහකට අත්හැරීමකුත් වෙන වෙලාවල් තියනව.

කොහොම නමුත් අපි "අයිති කර ගැනීම" තුළින්ම ආදරේ උපරිම සතුට ලබාගන්නටයි හුරු වෙලා ඉන්නෙ.

Jay said...

අදනේ මම දැක්කේ ඔයාගේ බ්ලොග් අඩවිය නගේ..
මම මේ කියවන ගමන්.
අනිවාර්යෙන්ම "෴අපට දෙයක් අහිමි වන්නේ ඊටත් වඩා වටිනා දෙයක් ලැබීමටයි ෴" කියන දෙත් එක්ක මම එකඟයි.

Anonymous said...

කියන්න වචන නෑ හසී.... 200% ක් එකඟයි ඔයාගේ කතා සේරටම....

අපිට ඕනා උනාට, අපි ආස උනාට, අනුකම්පාව ආදරේට පෙරලුන පලියට, අපි අපිට ඕනා දේ ලබාගන්න නොයෙක් සට කපටකම් කලාට අපිට ඒ දේවල් හිමිවෙන්නේ නෑ... හිමිඋනත් ඒක තාවකාලිකයි.... සමනලීගේ යාලුවෝ ඉන්නවා එහෙම උන....

හොද යාලුවෝ ලබන්න ඔයා හරි වාසනාවන්තයි... ඒත් එහෙම අය ඉන්නේ බොහොම ටිකයි ඒ නිසා පරිස්සම් කරගන්න

Anonymous said...

අපට දෙයක් අහිමි වන්නේ ඊටත් වඩා වටිනා දෙයක් ලැබීමටයි කියන කතාවට නම් මම එකඟයි. සමහර වෙලාවට අපිට ඉදිරියෙදි හානියක් වෙන්න තියෙනවා නම් ඒ දේවල් වලට අපි කොච්චර ආසා උනත් ඒවා අපිට ලැබෙන්නෙ නෑ. ජීවිතේ ඉදිරියට යනවා මිසක් ආපස්සට යන්න හොඳ නෑ.

හසී said...

@ ජේ.ඩී - ඔව් ඒක ඇත්ත.. මම දැන් ගොඩාක් සතුටින් ඉන්නේ. ගොඩාක් දේ අහිමි උනත් හැමදාම ලඟින් ඉන්න යාළුවෝ ටිකක් මට ඉන්නවා.. එයාලා මගේ ශක්තිය... සමහර අහිමිවීම් ගැන අද මම සතුටුවෙනවා මොකද ජිවිතේ ගැන දැන් මම ගොඩාක් දන්න නිසා, ස්තුතියි ඔයාගේ අදහසට...

@ දිල් - ඔව් අක්කේ මට ආදරෙයි කියලා පෙන්නගෙන හිටපු සමහරු මාව හරි ලස්සනට එයාලාගේ ජිවිත වලින් අයින් කලා... එත් අද ඒ අහිමිවීම ගැන් මම සතුටු වෙනවා මම ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගත්තා... මිනිස්සුන්ව අඳුරගත්තා... ස්තුතියි ඔයගේ අදහසට

@ Raven - ඔව් මමත් මගේ ආදරේ පරිත්‍යාග කලා... එත් එක කරන්න වුන හේතුවනම් ගොඩාක් දුක හිතෙන දෙයක්... මගේ ආදරේ මැද්දට කෙනෙක් පැනලා ඒක විනාශ කලා...අදහසට ගොඩාක් ස්තිතියි අයියේ!

@ Ansh - අක්කාව ආදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට...
මමත් හිතනවා ඒ අහිමිවීම් වලින් ජිවිතේට ලොකු පාඩමකුත් ලැබුනා දෙයක් හිමිත් උනා කියලා... ගොඩාක් ස්තුතියි අක්කටත්!

@ පුංචි සමණලී - ගොඩාක් ස්තුතියි සමණලීටත්... ඒ යාළුවන්ව මම මොන හේතුවක් මතවත් නැති කරගන්නේ නෑ...

@ විහඟිගෙ සිතුවිලි - ඔව් සිස් ඉස්සරහදි වෙන්න තිබ්බ හානිය නැති උන එක හොඳයි, එ අහිමිවීමත් එක්ක එන හිමිවීම හොඳ ඇති... ගොඩාක් ස්තුතියි ඔයගේ අදහසට...!

අද මට යාළුවෙකුත් කිව්වා Don't let your past to Destroy your future, Past is the Past.. Just forget it & be Happy.. 'm always there for you කියලා... එයාලා මගේ සතුට ගැන හිතන ගොඩාක් හොඳ යාළුවෝ...!

අනුරාධ said...

ඒ කතාවත් ඇත්ත තමයි බලන් ගියාම.

හසී said...

ස්තුතියි අනුරාධ ඔයාගේ අදහසට

Unknown said...

සම්පූර්ණයෙන්ම එකඟයි......

නෙලාන් said...

මමත් නංගි ඔයාගෙ අදහසට 100% එකගයි. ආදරය කරන අය නැති වෙනකොට ගොඩක් දුකක් තමයි ඒත් මොනව කරන්නද, බලෙන් ලබා ගන්න හැම දෙයක්ම තාවකාලික නිසා...
ආදරයෙ පරිපූර්ණත්වය එක්වීමද, නැහැ ආදරයම විතරයි.හිමිවීමම ආදරය නොවේ සත්තයි.

හසී said...

ඔය දෙන්නාට ගොඩාක් ස්තුතියි!

Hasitha Gunasinghe said...

නියම කතාව හසී. ආදරය බදා ගන්නවාට වඩා බෙදා ගන්න එක හොඳයි :) :) :)

හසී said...

එක නම් ඇත්ත... බදාගත්තම දුක විතරයි...

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...