Wednesday, August 11, 2010

පුංචි මාළුවා....



මම පුංචිම පුංචි මාළුවෙක්..මම ඉන්නේ වැවක.මමයි මගේ යාළුවොයි හැමදාම මේ වැවේ හැම තැනම පීනනවා..ඔයාලා වගේම තමයි අපිත් සෙල්ලම් කරනවා.හැංගිමුතෝ කරනවා, තරගෙට පීනනවා..... ඔන්න ඉතින් දවසක් අපි පුරුදු විදියටම සෙල්ලම් කර කර හිටියා....එකපාරටම අපිව දැලකට පැටලුනා..අනේ පීනගන්නත් බැ.හිරවෙලා අපි ඔක්කොම.මම හයියෙන් කෑගැහුවා."අම්මේ... අනේ මාව බේරගන්න" කියලා...අපේ අම්මා සද්දේ ඇහිලා ආවා.එත් එයා කියලා මොනවා කරන්නද? 
මෙන්න එක පාරටම දැල හෙල්ලෙනවා...අනේ අපිව ගොඩට අදිනවා වගේ.. "අනේ අම්මේ..." මම ආයෙත් කෑ ගැහුවා..මම බය වැඩිකමටම තදින් ඇස් දෙක පියාගත්තා. අම්මෝ පුදුම රස්නයක්.. මම හිමින් හිමින් ඇස් ඇරලා බැලුවා.මම ඉන්නේ ගිනි අව්වට කරකුට්ටන් වෙච්ච  තණකොල ගොඩක..මගේ යාලුවොත් තැනින් තැන වැටිලා ඉන්නවා..පුදුම රස්න‍යක්.මනුස්සයෙක් දැල දිග ඇරලා අපිව ආයෙමත් අර තණකොල ගොඩටම දැම්මා..මුළු ඇඟම පිච්චෙනවා..අනේ අපිව බේරගන්න කවුරුත්ම නැද්ද? අපිට වතුරේ ඉන්න නොදි ගොඩට ඇදලා ගත්ත මනුස්සයා පේන්නත්නෑ.. මම ආයෙමත් අමාරුවෙන් වටපිට බැලුවා.මෙන්න ඒ මනුස්සයා බයිසිකලේකුත් තල්ලු කරන් යන්න යනවා..අනේ අසරණ අපිට ඉන්න නොදී ගොඩට ඇදලා ගත්තේ විකුනන්නනේ.. එත් මේ මනුස්සයා අපි පොඩි නිසා අපිව මේ ගිනි අව්වේ දාලා යනවා."අනේ අපිව වතුරට දාලා යන්නකෝ......." අනේ.... මට කැ ගහන්නත් අමාරුයි.මගේ යාළුවෝ දඟලනවා.. එත් අපිව බේරගන්න කවුරුවත්ම නෑ.එත් කාට හරි ඇහෙයි කියලා හිතලා මම දිගටම කැ ගැහුවා...මගේ යාලුවන්ගේ දැඟලිලත් නැතිවෙලා.. අනේ.. මගේ යාළුවෝ මැරිලාද...මාවත් තව ටිකකින් මැරිලායයි..මම අමාරුවෙන් උනත් ආයෙමත් වටපිට බැලුවා..ඈතින් කවුදෝ එනවා පේනවා... "අනේ මාව බේරගන්න" මම මට පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා.මගේ ඇස් නිලංකාර වෙලා ගියා..මේ මගේ අවසානය තමයි මට එහෙම හිතුනා...
එත් එක පාරටම කවුදෝ මාව අල්ලනවා වගේ දැනුනා..මාව එකපාරටම උඩට ඉස්සුනා.හුළං පාරක් ඇඟට වැදුනා..හරිම සනීපයි..එක පාරටම මට තේරුනා මාව පාවෙලා යනවා වගේ.. "ජබුක්" දෙවියනේ මාව වතුරට වැටුනා..මට පුදුම සතුටක්  දැනුනේ..මම පීනගෙන උඩට ආවා කවුද මාව වතුරට වීසීකලේ බලන්න. ඔහ්! කවුද මගේ ඇඟට වැටුනා..මගේ යාළුවා.එයාවත් වතුරට දාලා.එයා මැරිලා නෑ.මට තවත් සතුටුයි.
මගේ ඇස් නිලංකාර වෙන්න කලින් මම දැක්කානේ කවුදෝ එනවා.එයා තමයි අපිව වතුරට දාලා තියෙන්නේ.... අර මෝඩ මනුස්සයා අපිව ගිනි අව්වේ දාලා ගියාට මේ හිත හොඳ කෙනා ඇවිත් අපිව බේරගත්තා.. මිනිස්සුන්ගේ හිතත් මහා පුදුමාකාරයි.එහෙම හිතලා එයාට පින් දෙනගමන් මමයි මගේ යාළුවෝ ටිකයි සතුටින් පීනගෙන අම්මලා ගාවට ගියා.

ප.ලි - මේක මම දැක්ක දෙයක්.. ඒ මොහොතේ මමත් එතන හිටියා.ඒ අනුව හිතුන දේ ලිව්වා.

17 ක් අදහස්:

``` Outsider``` said...

මේ ඔයා මිනිස්සුන්ගෙ හැටි තවම දන්නෙ නෑ. ආපහු වැවට දැම්මට ලොකු වුණාම අල්ල ගන්නව හරිද? ඉක්මණට ලොකු වෙන්නකො..

Anonymous said...

ෂා මලු මාලු කතාව අලේ...... සෝක් එකට ලීල තීනව මෙයා :)..... අලේ අපිලම් මාලු කල්ලෙ නැතෝ.....

කස්ටියම අහගන්ඩෝ....... කවි හසී කතන්දල හසී වුනු වගයි............ :)

හසී said...

@ Outsider - ඒකනම් ඇත්ත. ඒත් ඒ වෙලාවේ එයා මාව බේරගත්තේ නැත්නම් මාව මැරිලා මෙලහකට.

@ ජේ.ඩී - තැන්කූ... ඉදලා හිටලා කතන්දර කිව්වට මම කතන්දර හසී නෙමෙයි හොඳේ.මම කෙලි හසී.

BLOG ගඩොල් said...

ලස්සනට ලියල තියනවා.නියමයි!!!

Shadow/හේමලයා said...

ඔය වගෙ විහිලු කතාවක් මම අහලා තියෙනවා....මාලුන්ගේ ලෝකයේ ඕක ඇවිල්ල outer body experience එකක් වාගේ එකක්.....
ලස්සනට ලියැවිලා තියෙනවා post සංවේදී කතාවක්...
හැබැයි ඉතින් මහෙමයි උම්බලකඩ කනකොට එහෙම ඕවා මතක් වෙන්නේ නෑ නෙව අපිට...අනික අද හුඟක් අය හිතාන්නේ කුකුල්ලු එහෙම ජනිත වෙන්නෙ අධිශීතකරණයෙන් කියලා...මොකද එහෙම හිතන එක ලේසියි....මරණ හැටි හිත හිතා ඉන්නවාට වඩා.....

හසී said...

@ blog gadol - ස්තුතියි ඔයාලාට!

@ Shadow/හේමලයා - හ්ම්ම්ම් ඒකනම් ඇත්ත..අයියාගේ කතාවට එකඟයි මම.අර මිනිහාට තිබ්බා මාළුවාව වතුරට දාන්න ලොකු උනාම අල්ලගන්න..අපි දැක්කේ එතන විතරයි.එයා තව ඉස්සරහට ගිහින් මාළු අල්ලලා ඔය වැඩේම කරන්න ඇති.

පිස්සා පලාමල්ල said...

සංවේදී විදියට ලියල තියෙනවා. මට අර කාර්ටූන් ෆිල්ම් එක.. ෆයින්ඩින් නිමෝ වගේ මතක.. ඒක මතක් උනා.

෴ හසියා ෴ said...

හ්ම් ගොඩක් දුක හිතෙනවා.
අහල ඇතිනේ...,
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ....

ඔයාද අර මාළුවෝ ටික වතුරට දැම්ම හිත හොද පිංවතිය‍‍‍‍....

Anonymous said...

පින්වතිය අගනා පින්වන්ත කතාවක් නොවැ ලියල තියෙන්නෙ

හරි සන්වේදීයි අක්කෙ

හෙළයා said...

පව් සත්තු
මාලූවා වතුරට දැම්මේ ඔයාද ?

හසී said...

@ පිස්සා පලාමල්ල - හ්ම්ම්... පවු අසරණ සත්තු.

@ හසියා - හ්ම්ම්... මමනම් නෙමෙයි.

Hasitha ජයසූරිය - මටත් ගොඩාක් දුක හිතුන නිසා ලිව්වේ.

@ හෙළයා - මම නෙමෙයි අයියේ... එයා තමා වතුරට දැම්මේ.

@ Hereo - තමුසෙගේ කමෙන්ට් අයින් කලේ බයට නෙමෙයි.මගේ බ්ලොග් එක කැත වෙන නිසා.තමුසෙලා වගේ බුරුවෝ නිසා නිදහසේ ලියන්නත් නෑ.ඔව ලියලා තමුසේගේ හිතට හරිම සතුටු ඇති. බැනලා වැඩක් නෑ අනුකම්පා කරන්න ඕන තමුසෙලා වගේ අයට.

අසි... said...

පුංචි කාතවක් වගේ පෙනුනට ලොකු අර්තයක් තියෙනවා....කාටත් නොපෙනෙන පැත්තක් එ කතාවෙන් මතුඋනා හසි.....මැරෙන ලොකු මාලු ගැනයි හැමෝම කතාවෙන්නේ....එත් පුංචි මාලු ගැන කවුරැත් හිතන්නැ....ලස්සනයි හසි කතාව.....

අසි... said...

ලස්සනයි 2පාරක් බැලුවා ...

Anonymous said...

ලස්සනයි

හසී said...

@ අසී - තැන්කූ අයියේ....

@ Ano - තැන්කූ ඔයාටත්

Jay said...

අගේට ලියලා තියෙන්නේ.
නියමයි නංගෝ..

හසී said...

තැන්කූ සිස් :D

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...