Friday, September 24, 2010

෴ ආසයි මම෴


සිහින් පොද වැස්සක,
ඔබේ සුරතේ එල්ලි,
ඇවිදයන්නට ආසයි මම....
මුහුණ පුරා වැටෙන දිය බිඳු,
ඔබේ පපුවේ හොවා ,
පිසලන්නට ආසයි මම....
ඔබේ උරපතු මත,
හිස තියාන,
ඉන්නට ආසයි මම....

22 ක් අදහස්:

සෝරෝ said...

ලස්සනයි..!!

අසි... said...

සිහින් පොද වැස්සට මම ගොඩක් ආසයි මගෙ මතක‍ෙය තනිවෙනවා මම මෙ පොද වැස්ස ගැන කියෙවෙනකොට.....ලස්සනයි නංගි ගෙඩක්.....

෴ හසියා ෴ said...

හා හා මේ හෙම්බ හදා ගන්නද හදන්නේ....ගෙ ඇතුලට වෙලා ඉන්නවා...මෙතන ලෙඩ හදාගත්තාම අපි එපායැ අලි බබ්බු නලවන්න.....

ජංජාල චාමර said...

පොද වැස්ස නිමාවී,
මහ වැසි වසිද්දීත්,
ඉඳීදැයි ඔබ,
ඔය ආසාවෙන්ම,
සැකයි ඔහුගේ,
අහිංසක හදවතට....

Unknown said...

ලස්සණයි හසී අක්කේ,මාත් වැස්සට හරිම ආසයි

හසී said...

@ සෝරෝ - තැන්කූ සෝරෝ....

@ අසි - තැන්කූ අයියේ...

@ හසියා - අනේ චුට්ටක් තෙමුනට මක් වෙනවාද?

@ ජංජාල චාමර - මහ වැස්ස වුවද,
රුදුරු කුණාටුව වුවද
හිදිමි ඔහු අසල මා
සැමදා මියෙන තුරාවටම...

@ පුබුදුවා - තැන්කූ මල්ලියෝ... වැස්සේ තෙමෙන්න මමත් හරිම ආසයි.

හසී රන් said...

කමෝන් හසී කමෝන්

:D

ආදර වැස්සේ තෙමිලා වගේ නගා....
සුභ පැතුම්...හැමදා සතුටින් ඉන්න...

Jeew said...

මුදු මුහුණේ සුව දැනුණේ
ප්‍රිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
උර තලයේ හිස රන්දා
සුව සෙව්වේ මගෙ විතරද

ඉඟ නෙරියේ රැළි බින්‍‍ඳේ
ප්‍රිය ළඳුනේ මං විතරද
ඉඟ නෙරියේ රැළි සැදුවේ
හිමි සඳුනේ මගෙ විතරද

Hasitha Gunasinghe said...

ලස්සන කවිය අක්කේ. මට මේ කවිය කියෙව්වාම ඊයේ දවස මතක් වුණා.

Anonymous said...

බොලේ මෙන්න අලි බබා සෙල්ලන් කරන්න අරන්........හොදා හොදා...ඔහොම යන් :D

Anonymous said...

මේ අක්කෙ කව්ද අනේ ඇත්තටම ඔය එයා?? :D:D:D

හසී said...

@ හසී රන් - හි හී.. තැන්කූ සිස්!

@ Jeew - ලස්සන පද පෙලක් සහෝ!

@ Hasitha - ඊයේ වහින වෙලාවේ තමා මමත් ඕක ලිව්වේ..

@ Hasitha ජයසූරිය - මම අලි බබා නෙමේ හරිය...ඔයාට එයාව බලන්නම ඕනනම් මම පෙන්නන්නම්කෝ පොඩ්ඩෝ...

ප්‍රාර්ථනා said...

ඔබ ඕහු හා දැවටෙන වැසි දවසක් මැවි මැවී වෙනෙනවා හසි අක්කේ

Kandulu Binduwa said...

හරිම ලස්සනයි හසි

හසී said...

@ ප්‍රාර්ථනා - තාම එහෙම දවසක් උදා වුනේනම් නෑ.. ඒ දවස එනකම් මම මග බලගෙන ඉන්නවා...

@ කඳුලු බිංදුව - තැන්කූ සිස්!

Ravi said...

ඔය සෙල්ලං,
වලට පෙර,
කිරිත් සමඟ,
සමහං බාල්දියක් වත්,
බීලා හිටියා නං නෙවද,
හසී ළමයෝ නුවණට හුරු,

හසී said...

අගනා උපදෙසක්...

Anonymous said...

එල තමා.... මාර සිරා....

හසී said...

prasanna86k - තැන්කූ තැන්කූ..!

ඔන්න කට්ටියගෙම ප්‍රාර්ථනා නිසා අද හොඳ නෑමක් නාගත්තා අපි දෙන්නාම... හික්ස් මරු :D <3

Jay said...

සුපිරි..!

බිඟූ said...

සිනාදෙන්න මට අවසර දෙනු මැන සිනාදෙන්න ආසයි...

/බිඟුවා...!

හසී said...

@ Ansh - තැන්කූ අක්කා....

@ බිඟුවා - හික්ස්

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...