Sunday, November 21, 2010

෴ හෆොයි෴


එදා මහ අඳුරු හැන්දෑවක්... මම වැඩ ඇරිලා ගෙදර එන්න පරක්කු උනා වෙනදටත් වඩා... කළුවරත් වැටිලා.. යන්තම් දගලලා බස් එකෙන් බැහැගෙන මම වටපිට බැලුවේ අම්මා ඇවිත්ද කියලා.මම හවස 6.15 වෙද්දි ආවේ නැත්නම් අම්මා හැමදාම හන්දියට එනවා.මොකද මම හන්දියේ ඉදන් තනියම එනවානම් වෙලවල් දෙකක් පාස් කරන් එන්න වෙනවා.ඒ හරිය පාළු නිසා අම්මා එනවා.
මම ටිකක් ඉස්සරහට අවිදගෙන එනකොට ඈත කවුද එනවා දැක්කා...ටිකක් ළඟට ඇවිත් බැලුවාම ඒ අපේ අම්මා..ඒ පාර ඉතින් මම සුපුරුදු පරිදි දවසේ විස්තර ප්‍රචාරයේ යෙදුනා..දැන් ඉතින් අපි දෙන්නා ටිකෙන් ටික වෙල කිට්ටුවටත් ආවා.ඒ වෙල ලඟම පිං ළිඳක් තියෙනවා..එතන ලයිට් එකක් තිබ්බාට ඒක කවදාවත් වැඩ කරන්නේ නෑ.. ගොඩාක් කළුවර තැනක්.එතන හොල්මන් තියෙනවා කියලා විශ්වාසෙකුත් තියෙනවා..පාරේ කවුරුවත් නෑ..ඈතින් පොඩි එලියක් පෙනුනා..මම ඉතින් නන්ස්ටොප් කියව කියව එනවා..වෙල පටන් ගන්න තැනට ආවා විතරයි...,  ඔන්න එතකොට තමා භයානකම දේ සිද්ද උනේ..
 

***********************************************************************************
 
එකපාරටම අර එලිය වැඩි උනා.... මෝටර් සයිකලයක් අපේ දිහාට එනවා..ඒකේ එලිය තමා අපි දැකලා තියෙන්නේ.ඒ මෝටර් බයිසිකල් එක අපිව පාස් කරගෙන යනවත් එක්කම ඒකේ ආපු මිනිහා මගේ බෙල්ල දිහාවට අත දාලා එක පාරට ඇදලා ගත්තා.මට බයට කෑගෑහුනා.අම්මත් බයවෙලා..බැලුවාම මේ හොරෙක්.. 



මගේ චේන් එක කඩාගන්න තමා හදලා තියෙන්නේ.මම කොහොමත් රත්තරන් බඩු දාන කෙනෙක් නෙමෙයි.කරාඹු දෙක විතරයි දාන්නේ.. අන්තිමට මගේ මාලේ කඩාගන්න ආපු හොරාට නෝන්ඩි වෙලා හිස් අතින්ම යන්න උනා...මට ගෙදර එනකම් මැරෙන්න හිනා.. හරියට අපේ චූටි මහත්තයාට වගේ...හික් හික් හික්


ප.ලි - මේ සිද්දියෙන් පස්සේ අපේ තාත්තා හැමදාම 6 වෙනකොට අම්මාව එවනවා මාව එක්කගෙන එන්න...

13 ක් අදහස්:

සෝරෝ said...

හෙහ් හෙහ් හේ.... ඈඬෙන සීන් එක නේ.. :D

හසී said...

ඒකනේ.. මට එතනින් එනකොට අදටත් මතක් වෙලා හිනා යනවා :D

මාරයාගේ හෝරාව said...

ආ ඒක තමා මෙ ඒකාබද්ධ මාල කඩන්නන්ගේ සංගොමෙ අනිද්දටද කොහේද ලිප්ටොං වටරවුමෙ බොඩ් ලෑලි උස්සන්ට තනන්නේ..

"කෙල්ලෙක් උනානං මාල බඳිනු" කියලා...

෴ හසියා ෴ said...

මේ කෙල්ලේ අර ප.ලි. කොටසේ අර විදිහට දැම්මේ ඔයා දාගෙන යන කරඹු දෙක ගලවන් යන්න මං එයි කියලද? පිස්සුද අනේ...මට ඉමිටේෂන් බඩු ඉවෙන් වගේ තේරෙණවා...

BLOG ගඩොල් said...

ඔයින් ගියා මදැයි!

Buddhi said...

මම නං කියන්නෙ ඒ හොරෙක් නෙමේ. සුවර් එකට පිස්සු හැදිව්ව හොල්මනක් වෙන්ඩ ඈති හරියට ඔයා වගේ....:D

හිස් අහස said...

පරිස්සමෙන් හසී ඔයින් ගියා මදැයි ! ගිනි අවියක් වත් ලඟ තියාගන්න හසී. අද කාලේ හොඳනෑ .

ඔන්න මගෙන් උපදෙසක් :- හිනාවෙලා අමතක කරනවට වඩා පරිස්සම් වීම වැදගත්.

එම නිසා තනිව ගමන් යාමෙන් වලකින්න !

හසීට ................ජයවේවා !!

Paraya said...

අලේ... හොලා මාමාට වත ලැජ්ජාව... හික් හික් හික්...
ලැජ්ජයි කියන්නේ විලි ලැජ්ජාවේ තංතෝතෙ බැලූව ඇති.

හසී said...

මාරයා - අප්පේ ඇත්තමද? හික් හික් අපි දායි මාල..

හසියා - ආ ඒ කියන්නේ ඔයත් හොරෙක් ඈ.. හික් හික් :D

blog gadol - හ්ම්ම්...

බුද්ධි - හික් හික්..... වෙන්න පුලුවන්.ඒත් හොල්මනකට මාලයක් මොකටද? එහෙනම් එකා මැරිච්ච හොරෙක් වෙන්න ඇති..

හිස් අහස - ස්තුතියි උපදෙසට.. දැන් වැඩට යන්නේ නැති නිසා ෂේප්.. පංති යන්නේ දවල්ටනේ...මමත් මේ කල්පනා කලේ T56ක් වත් ලඟ තියාගන්න කියලා..

පොජ්ජේ - නැතිව.. මිනිහා පාගලා ගියා....මාල කඩන්න ආවට හොඳ වැඩේ.

Praසන්ன said...

එහෙනං හොරාටත් පාඩමක් උගන්නල ඈ....

Anonymous said...

අනේ අර අහින්සක හොරා පව් දෙයියනේ :P:P

හසී said...

Praසන්ன - හික්ස් :D

Hasitha - ආ.. එතකොට මම පව් නැද්ද? :O

ලහිරු said...

හොරා හම්බවුනොත් කියන්නෝන ආයේ මාලයක් ගෙනත් දීලා කනේ කරාඹු දෙක ගලවාගන්න කියලා...

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...