Tuesday, January 25, 2011

෴පුෂ්පේගේ චිකන් කොත්තු෴

ඔන්න ඉතින් බස් බ්ලොග් සතිය වෙනුවෙන් මමත් පෝස්ට් දෙක තුනක් දාන්න හිතුවා.


අපේ පොඩි මස්සිනාට තියෙනවා සුදු යකඩ වැඩපොළක්..අර ත්‍රීවීල් වල බාර්,එක එක ගැජට් හදන.දැනට අවුරුදු 4කට විතර කලින් ඕකේ වැඩට ආවා පොඩි කොල්ලෙක්.නම පුෂ්පකුමාර.හැමෝම ලේසියට පුෂ්පේ කියලා තමා කථා කලේ..මිනිහා හෙන බයිටක්..ජොකර් කෙනෙක්වගේ තමා හැසිරෙන්නේ.. වැඩ ටික හැබැයි හරියට කරගෙන හිටියා.හදිස්සියට කඩේට එහෙම යවන්න ඕන උනාම මිනිහා පැනගෙන එන්නේ මොකද ඉතුරු සල්ලි වලින් කඩචෝරු කන්න පුලුවන්නේ..ඉතින් ගොඩාක් වෙලාවට හන්දියේ ෆාමසියට තමා මිනිහාව යවන්නේ නැන්දාගේ බෙහෙත් ගෙන්න ගන්න.

දවසක් දා රෑ අපේ අක්කාට කොත්තු බඩගින්නක් ඇවිත් මෙයාව හන්දියට යවන්න කථා කරලා කිව්වා චිකන් කොත්තු අරන් එන්න කියලා සල්ලි දීලා.මිනිහත් මාර සතුටකින් සල්ලිත් අරන් දඩුමොනරේ නැගලා ගියා.පැය බාගයක් ගියා තාමත් නෑ..ගොඩාක් කට්ටිය ඇති කියලා අක්කාත් දැන් බලා ඉන්නවා. කොහොමින් හරි පැය 2ක 3ක්ම ගියා.. මිනිහා නෑ.. අන්තිමට ලඟ කඩෙන් පාන් ගෙනත් කාලා අක්කලා නිදාගන්න ලෑස්ති උනා.මෙන්න බොලේ 10ට විතර මිනිහා එනවා වාහනේකට අහුවෙච්ච කජු පුහුලමක් වගේ මූණත් බෙරි කරගෙන.
අයියාට කේන්ති ගිහින්,

"මොකද මනුස්සයෝ මෙච්චර වෙලා කලේ?"

"මං හැමතැනම හෙව්වා මහත්තයා"

"ඇයි කඩ ඔක්කොම වහලාද?"

"නෑ මහත්තයා ඇරලා තිබ්බ හැම කඩේකින්ම ෆාමසියකින්ම ඇහුවා..කොහේවත් තිබ්බේ නෑ.."

"ඇයි මිනිහෝ තමුසෙට ෆාමසි ගානේ යන්න කිව්වේ කවුද?පිස්සුද?"

"නෑ මහත්තයා මේකයි උනේ. මං හන්දියේ කඩේට ගියා..එකේ නෑ කිව්වා.ඊට පස්සේ එහා පැත්තේ කඩෙනුත් ඇහුවා... ඒකෙත් නෑ.ඒ පාර  තව කඩේකින් ඇහුවාම කිව්වා ෆාමසියකින් අහන්න කියලා..ඒකෙත් නෑ කිව්වා..ඉතින් මන් මහරගමටත් ගියා.. එහෙත් නෑ කිව්වා."

දැන් අයියාට හොඳටම කේන්ති ගිහින්.

"දැන් තමුසේ ෆාමසිවල බඩගෑවේ මොනවා ඉල්ලන්නද?"

"ඇයි මහත්තයා මහත්තයා මට කිව්වේ චිකන් පොතු එකක් ගේන්න කියලානේ.. ඉතින් මන් හැම තැනම චිකන් පොතු හෙව්වා."

"හි හී හී.. මන් කිව්වේ චිකන් කොත්තු ගේන්න කියලා මිසක් චිකන් පොතු ගේන්න කියලා නෙමෙයි.හා..හා.. දැන් ගිහින් නිදාගන්න
වා.මීට පස්සේ හරියට අහගෙන යනවා.කුලප්පු වෙලා දුවන්නේ නැතිව."

"හොඳයි මහත්තයා..."

අයියාට හොඳටම හිනා..මිනිහා චිකන් කොත්තු කියන එක චිකන් පොතු කියලා අහන් ගිහින් හැමතැනම චිකන් පොතු හොය හොයා ගිහින්.අන්තිමට සෑහෙන්න කාලයක් මිනිහාව බයිට් කලා ඇතුලේ සෙට් එකම ,

"ආ... පුෂ්පේ චිකන් පොතු ගේමුද..?" කියලා අහ අහා..

ඒ වෙලේට ඉතින් මිනිහා -  @#$%&#$@


21 ක් අදහස්:

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

මරු වැඩේ :D

හා පැටික්කි (MS) said...

චිකන් පොතු හපොයි......
පුෂ්පේ චිකන් පොතු ගේන්න ගියා වගේ.......

හිකිස්..... මාරයි හෆොයි.......

සෝරෝ said...

හපෝයි......... පුෂ්පේ තමා බුවා...
"කළුවා මාරපං ගියා වගේ නේ............." :D

Anonymous said...

හෙහ් හෙහ් ෆට්ට සීz එක ඇ :)

මාරයාගේ හෝරාව said...

හික්ස්..වැරදිලාවත් හරි මිනිහා එදා චිකන් පොතු ගෙනාවනං තමා වැඩෙ...

priyantha said...

හොඳ වෙලාවට එග් කොත්තුවක් ගේන්න නොකීවේ. එහෙම උනානම් බිත්තර පොතු වෙනුවට බිත්තර කටු අරන් එයි...

Malinthe Samarakoon said...

ඒකත් නිකං අර මාළු කෑම ගේන්න ගියා වගේ එකක්නේ :D

Anonymous said...

@#$%&#$@ - මේක මොකද්ද මේ? මං හිතන්නේ රසවත්ම කෑල්ල ඔයා හංගලා... නේද?

~ChAnDiKa~ said...

ම්ම්ම්.... හසි මේක ඔයාට වුනු වැඩක් එහෙම නෙමෙයි නේද? :D

"හසි චිකන් පොතු ගෙනාව වගේ" LOLs :D :D :D :D

C0de BlUe said...

අනේ අපොයි ...

ඉලංදාරියා said...

හා හා පට්ට හෙ හෙ...

චතුවා said...

හිකිස්.. චිකන් පොතු.. :D

BLOG ගඩොල් said...

හික්ස්...මාර බුද්ධිමත් ඩයල් එකක් නොවැ!!! :)

sansarasidu said...

හික්ස්....
"පුෂ්පෙ චිකන් පොතු ගේන්න ගියා වගේ" කියන සුප්‍රසිද්ධ ප්‍රස්ථා පිරුළ හැදෙන්න ඇත්තෙ ඊට පස්සේ වෙන්නැති නේද සිස්....

෴ හසියා ෴ said...

මරේ මරු චිකන් කොත්තුව....අයියා ඒකට නොබැන හිටපු එකතමයි පුදුමේ.... :q :q :q :q

මේක වුනේ ඇත්තටම අර කීව කෙනාටද නැතිනම්.... :a :r

පිස්සා පලාමල්ල said...

ඈ බොල ඔක්කොමත් හරි අර උඩහින් දාපු පින්තූරෙත් හැරි. උදේ රංගය කැකුලු හාලේ බතක් ගැන ලියල.. දැන් මෙයා කොත්තු පින්තූරෙකුත් දාල. අපි පව් බොල හසියො... තව සතියනේ ඉවසප්න් කියල ඉන්නවා ඉතින්. හික් හික්

Praසන්ன said...

කුකුලො මස් කරන තැනකට ගියානං ච්කන් පොතු හොයාගන්න තිබුණ. :j

හසී said...

@KaniRockz - හි හී :q :q

@හා පැටික්කි (MS) - හික්ස් :q :q

@සෝරෝ - ආයෙත් අහලා :d :c

@ජේ.ඩී - හි හී :q :q

@මාරයාගේ හෝරාව - ඒකනම් ඇත්ත අයියේ.. :q :q

@priyantha.ඒබී - ඒකනම් අනිවා ගෙනෙයි :c :c

@Malinthe Samarakoon - හික්ස් :q :q

@prasanna86k - මාළුවන්ටත් ඕන නැති දෙයක් නෑ.. :p :q :q

@ChAnDiKa - අනේ අපි කඩේ යන්නේ නෑනේ කාටවත්ම.. :c :c

@Unknown_User/හිඟන්නා - :d :c :c

@ඉලංදාරියා - :b :q :q

@චතුවා (ළමයා)- :d :q :q

@blog gadol - අම්මේ ඔව් බුද්ධිය ගැන කියලා වැඩක් නෑ. :q :q

@sansarasidu - ඔව් ඔව් :d :c :c

@හසියා - බනින්නේ කොහෙද හිනා යනවා මිසක්.. අපි දවස් ගානක් හිනා උනා ඕක මතක් වෙලා.. :q :q :q

@පිස්සා පලාමල්ල - හරි හරි අයියේ ආවාම ඔය ඔක්කොම කන්න බැරියැයි.. :c :c

@Praසන්ன - හ්ම්ම්ම් :n :n

Anonymous said...

hik hik hik...... niyamaaaaiiiiiii.. :b

Prasa

chamari said...

මරැ කොත්තු කෑම

Hasitha Gunasinghe said...

හසී අක්කලාටත් හම්බවෙන අය :)) හාම්පුතාලා වගේ තමා ගෝලබාලයොත්

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...