Thursday, April 7, 2011

෴ සිහිනය සැබැවීම ෴

පසුගිය ඉරිදා කොළඹ හෙන්රි ප්‍රේද්‍රිස් ක්‍රීඩා පිටියේ තිබ්බ සයිබරයේ සිහින සැණකෙළිය අති සාර්ථකව නිමාවට පත්වුනා.. ඒ පිළිබඳ පුංචි සටහනක් මේ......


හැමවෙලේම ටිකක් හිනාවෙවී ඉන්න අපේ අබේපාල මාමාගේ සිහිනය මල්පල ගැන්වීමක් විදියට සතර දෙසින් හැමෝම එකතු වෙලා සිහිනය සැබැවක් ලෙසම අපි එදා වින්ඳා.. එදා දවස ගැන වචනයෙන් විස්තර කරන්න බැරි තරම්..කිසි දිනක නොදුටු , හැමදාම තාක්ශණේ පිහිටෙන එකට එකතුවෙලා කථා බහ කරන, සිනාවෙන, අනුන්ගේ දුකේදි දුක් වෙන අපේම සහෝදර සහෝදරයෝ දැක බලාගෙන අවුරුදු ක්‍රීඩා කරලා සතුටු වෙලා කරට අතදාලා ෆොටෝ ගන්න හැමෝටම අවස්ථාවක් ලැබෙන්න ඇති..
ඉලංදාරියාගේ සහයෝගය මේ වෙලාවේ මතක් කල යුතුමයි.ලගටම ඇවිත් උදව් කරල හැටි තමා ඔය පින්තූරයේ තියෙන්නේ.


අයියේ ඉක්මනින් සුව වෙලා අපිත් එක්ක ආයෙත් දවසක මේ වගේ එකතු වෙලා මීට වඩා සතුටක් ලබා ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

මේ සියලූ කටයුතු සාර්ථක කරගන්න වෙහෙස මහන්සි වු,ආධාර කල සැමටත් එදින සහභාගී වී උත්සවය වර්ණවත් කල සැමටත් ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.ඉතින් ආයෙමත් මේ වගේ දවසක් එනකම් බලා ඉන්නවා...



 
ප.ලි - මේ පෝස්ටුව පමාවීම ගැන සමා වෙන්න ඕන.. ලියන්න හිටියත් ලියන්න බැරි උනා.. කරන වැඩක් නැති උනාට කම්මැලිකම ලොකුයිනේ හැමදේටම වඩා..

16 ක් අදහස්:

priyantha said...

අම්මෝ මෙහෙමත් කම්මැලි කමක්.....

පූසා said...

:t

වැප් said...

කිසි වැඩක් නොකර පැත්තකට වෙලා ඉඳාලා ලකුනු දාගන්න දැම්මා නේද පින්තුරයක් ඉටිකොලයක් අල්ලන් ඉන්න :D

Bunny said...

හසී අක්කත් එහා මෙහා පැනලා වැඩ කලේ නැත්නම් මෙකේ යම් අඩුපාඩු තියෙන්න තිබ්බා.. හසී අක්කටත් ස්තුතිය.. අපිට කාලෙකට පස්සෙ නටන්න අවස්තාවක් හදන් අනික් අයට උදව් දුන්නට :D

හැමෝටම ජය..!!

හසී said...

@priyantha - හික් හික් :c

@පූසා - :e :b
වැප් - ස්ස්ස්ස් කෑගහන්න එපා... :a :a :a මෙයා මට ලකුණක් දාගන්න දෙන්නෙත් නෑනේ.. :s :s :p

@Bunny - තැන්කූ මලයෝ.. :c මේක අපි හැමෝගෙම දෙයක් පොඩි සප් එකක් දුන්නා ඉතින්..:b ජය වේවා..! :m :m :m

හා පැටික්කි (MS) said...

ඊළඟ පාරවත් බලමු........... :(

෴ හසියා ෴ said...

අලේ චොයි පිංතූරේ.....කෝ අර අර අරයා එක්ක ගත්ත එකකුත් දැම්මනම් චෝයි නැද්ද....හික් හික් :p :r

ඒ දවස්වල අපිට බැන බැන හරි වැඩේ සාර්ථකව කරන්න උදව් වෙච්ච එකට ගොඩාරියක් ගොඩාරියක් ගොඩාරියක් සහ තවත් පොඩාරියක් තුන්කූ......:t :g :a

Kavindya said...

හසී නගේ එද්දි කියලා එන්න බැරි උනා.. ඔයා හරි දක්ස කෙල්ලෙක් නගේ..... :d

හිස් අහස said...

හසී අක්කා එහෙ මෙහෙ දුව පනිමින් වැඩ කරා කියලා කට්ටිය කතා වෙන්නේ...

චතුවා said...

සංවිධායකතුමියටත් ස්තූතියි ඕං... මේ වැඩේදී බැහැලා වැඩ කරලා මේක සාර්ථක කරගන්න මහන්සි වුනාට.. :t :t :t

ප්‍රාර්ථනා said...

හේ..හේ.. ලබන සැරේ ඔය ෆොටෝ එකේ මමත් ඉඳිවි කියලා හිතනවා අයියා.. :d

Praසන්ன said...

නෙක්ස් ටයිම් බලමු..

නෙරංජි සුලක්ඛනා said...

:t :b :e

තාරක Dilsh@n said...

:b :t

Kusal said...

ෆෝටෝස් දකිද්දි දුකේ බෑ අප්ප :-(

හසී said...

@හා පැටික්කි (MS) - දැන්ම හොර හාවාව බැඳ ගන්න එතකොට වැඩේ ගොඩ :b

@හසියා - නෑ නෑ ඒවා දාන්නේ නෑ :i වෙල්කම් ඇන්ඩ් තැන්කූ ටූ :b

@සුදු හංසි - අයියෝ ඒකට කමක් නෑ අක්කේ.. :c තැන්කූ අක්කියෝ :b

@හිස් අහස - හ්ම්ම්ම් මමත් දැක්කා කීප පලකම හික් හික් :c

@චතුවා (ළමයා) - තැන්කූ මලයෝ :b මේක අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිපලයක්.. :e

@ප්‍රාර්ථනා - අයියා නෙමෙයි මම අක්කා.. :c අනිවා ලබන පාර එන්න :b

@Praසන්ன - අනිවා අයියේ :b

@නීනු නෙරංජි - :b :e

@තාරක Dilsh@n - :b

@Hasitha ජයසූරිය - අපරාදේ පොඩ්ඩෝ.. ඔයා නැති අඩුව ගොඩාක් දැනුනා :s :s ඊළඟ පාර අනිවා එන්න :b

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...