Wednesday, August 24, 2011

෴ නමක් නැති මහා කන්ද ඔබ අප්පච්චි ෴



අද උදෑසන හදිස්සියේම සීතලත් සමඟ අවදි වූ මා තව තවත් ගුලි වී හොඳින් පොරවගත්තේ වැස්සත් සමඟ තවත් දවල් වෙනතුරු නිදා ගැනීමේ අපේක්ෂාවෙනි. යන්තමින් නින්ද ගෙන එද්දී කෙඳිරිලි  හඩක් සමඟම "තාත්තා වැටිලා " යන අම්මාගේ කට හඩින් උඩ විසිවී ඇහැරුන මා සාලයට දිව්වේ කෙසේදැයි නොදනිමි. අයියගේ වාරුවෙන්  තාත්තා පැමිණ පුටුවක ඉඳගත් අතර, දණහිස හොඳටම ඉදිමි තිබුණි.

 මා සිත අතීතයට දිව ගියේ, එවකට මා පාසලේ හතර වන වසරේ ඉගෙනුම ලබන කාලයයි.සැමදා උදෑසන මා පාසලට ඇරලවා වැඩට යන තාත්තා නැවතත් දහවල් මා කැඳවාගෙන යන්නට පැමිණෙයි. දිනක් දහවල් තාත්තා නොපැමිණි අතර මදක් පමාවී මාගේ ලොකු මාමගේ පුතා පැමිණි අතර, අදටත් මට මතක ඇති අන්දමට මා විමසුවේ තාත්තා කෝ කියාය.තාත්තා ගෙදර කිව් අයියා මාව නිවසට ගෙන එනවා වෙනුවට ලොකු මාමාගේ නිවසට එක්කන් ගිය අන්දමද, එහි ගිය විට තාත්තා උදෑසන හදිසි අනතුරකට මුහුණදී රෝහල් ගත කල බව දැන ගන්නට ලැබුණි. උදෑසන මා පාසලට ඇරලවා වැඩට යද්දී බිමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් දකුණු අත හා කකුල කැඩී ඔහු රෝහල් ගත කර ඇත.එවකට එතරම් තේරුමක් නොවූ මා දිගටම මාමාගේ නිවසේ නතර වුයෙමි. අත හා කකුල බැන්ඩේජ් වලින් ඔතා රෝහල් ඇඳ මත සිටි තාත්තා දුටු මාගේ ඇස් කඳුලින් බරවිය.. එකතැන් වූ තාත්තා, අම්මාගේ දිරිය නිසාම නැවත යතා තත්වයට පත්විය.

අද වැටුණු විට වැදී ඇත්තේ තාත්තාගේ දකුණු කකුලමය, කලින් සිදුකල සැත්කමේදී, යකඩ කුරක් දණහිසට දමා ඇති අතර, එය වැඩිම හේතුවෙන් එම කුර කැඩී ඇති බවක් පෙනෙන්නට විය,වහාම තාත්තා රෝහල් ගතකල අතර, සැත්කමක් සඳහා ඔහු දැන් රෝහලේ සිටි. 

අයියාගේ වාරුවෙන් එන තාත්තා දුටු මා ක්ලාන්ත වුයේ මගේ ලේ නහර තුල වූ ජිවය ඔහු නිසා වන්නට ඇත.කුඩා කල පටන් මාගේ මවට වඩා ඔහු මට සමීපව සිටි නිසා වන්නට ඇත.

තාත්තාට ඉක්මන් සුව පතමි!

38 ක් අදහස්:

හිස් අහස said...

තිස් තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිටෙන් ආරක්‍ෂාවෙන් හසී අක්කගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා !!..

ජේ.ඩී said...

හෆොයිz :( ඩොකීගේ පියාට ඉක්කම්න් සුවය ප්‍රාර්තනා කරමි.

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

හසී අක්කාගේ තාත්තාට ඉක්මන් සුවය පතමි!

හා පැටික්කි (MS) said...

අක්කගේ තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....!!!!

priyantha said...

හසීගේ තාත්තාට ඉකිමන් සුවය පතමි.....

නිශ් said...

හ්ම්ම් දූලා තාතලට තාත්තල දූලට සමීපයි නංගි. තාත්තට ඉක්මන් සුවය පතනවා........

ආගන්තුකයා | Stranger said...

ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි...

ජීවිතේ මල් said...

අනේ නගා.. ඔයාගෙ තාත්තාට ඉක්මන් සුවය ලැබෙන්නට ඕනේ.. එයාට තෙරුවන් සරණයි !

තාරක Dilsh@n said...

අක්කගේ තාත්තට ඉක්මන් සුවය පතනවා!!

Thanoja Rajapaksha said...

තුණුරුවන්ගේ පිහිටින් තාත්තාට ඉක්මනින් සනීප වේවා!!

වැප් said...

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

ශානි said...

තාත්තාට ඉක්මන් සුවය පතනවා හසී

Praසන්ன said...

හසීගේ පියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

Kusal said...

අප්පා අක්කේ.. :-( තාත්තාට ඉක්මන් සුව!

RanDil said...

තාත්තා ඉක්මනින්ම සුව වෙයි නංගී, බය වෙන්න එපා, දුක්වෙන්න එපා

මකුළුවා..... said...

බය වෙන්න එපා අක්කේ......තාත්තට ඉක්මනින් සුව වෙයි.....

ItalyDilan said...

මමත් දැනුයි දැක්කේ,,ඉක්මනින් සුවවෙයි තාත්තට

පූසා said...

අක්කාගේ තාත්තාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

සිහින said...

හසී අක්කේ, තාත්තාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..
සැත්කමෙන් පස්සේ ඉක්මනින් ගෙදර එන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..

දිල් said...

ඔයාගේ අප්පච්චිට බුදු සරණයි.....! ඉක්මනින් සුවපත් වේවා !

Rachintha Jayawardhana said...

ඉක්මනට සනීප වෙන්න සහ ඔක්කොම යථා තත්වෙට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

MaRLaN said...

ඉක්මන් සුවය පතමි

Shaminda Ekanayaka said...

තාත්තා ඉක්මනින්ම සුව වෙනවා නංගී. අපි ඉක්මන් සුවය පතමු.

Bunny said...

හිතුනේද ?
:s

෴ හසියා ෴ said...

හදවතින්ම ඉක්මණ් සුවය පතමි.....!!!

BLOG ගඩොල් said...

තාත්තාට ඉක්මන් සුවය පතමි

Ravi said...

නංගි...ඔබේ පියාට ඉක්මන් සුවය පතන්නෙමි!!!

~ChAnDiKa~ said...

ඉක්මනටම සනීප වේවි නංගෝ බයවෙන්න එපා!!!!

නචියා said...

බය වෙන්න එපා හසී. තාත්තට ඉක්මනට හොඳ වෙයි.

හසී said...

හිස් අහස, ජේ.ඩී, යොහාන්,හා පැටික්කි, priyantha ,නිශ් , ආගන්තුකයා, ජීවිතේ මල්, තාරක Dilsh@n,තනෝජා රාජපක්‍ෂ,වැප්,ශානු ,Praසන්ன,Hasitha ,RanDil ,මකුළුවා,ItalyDilan ,පූසා ,සිහින ,දිල් ,මුචලින්ද ,MaRLaN,සුපර්,හසියා ,blog gadol ,Ravi ,ChAnDiKa, නචියා , සියලු දෙනාටම ගොඩක් ස්තුතියි!
තාත්තා වෝඩ් එකට ගෙනත්, කකුලේ දනිස්ස ළඟ තිබ්බ ප්ලේට් ඒක ආයේ අලුතෙන් දාලා...

Anonymous said...

අනේ තාත්තට ඉක්මන් සුවය පතනව නගේ.. සොරිවෙන්ට ඕනා.. දැනුයි දැක්කෙ.. මේ දවස්ටිකේ වැඩිය බ්ලොග් කියෙව්වෙ නෑ..

The Lion said...

හසී අක්කා බය වෙන්න එපා තාත්තට ඉක්මනටම සනීප වෙයි ............!!!!!!!

Kavindya said...

හසී නඟාගේ තාත්තට ඉක්මන් සුවය ලැබේවා!!

Rajitha Abeysinghe said...

අන්කල්ට ඉක්මනට සනීපවෙන්න ලැබේවා!

චතුවා said...

හසී අක්කාගේ තාත්තාට ඉක්මන් සුවර ප්‍රාර්ථනා කරනවා..!!

සිත් අහස said...

හසී අක්කගේ තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මමත්

අලුත් කොල්ලා | The New Guy said...

අනේ දරුවෝ අදයි දැක්කේ. තාත්තාට ඉක්මන් සුවය පතනවා.......

සසීන්ද්‍ර වීරසිංහ said...

හසී අක්කේ.. තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව!, මීට කලින් එන්න අවශ්‍යව තිබුණත් එන්න බැරි උනා :(

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...