Friday, December 10, 2010

෴ දුක හිතුනාම෴


තරු ඇස් තියෙන
කටකාර දඟකාර
ලස්සනම ලස්සන 
පුංචි කුමාරයෙක්..
රෝසමලක් අරන් එනකම් 
බලා හිටියා මම..
මාස ගානක් පෙරුම් පුරලා 
හුරතල් කථා අහන්න
එකතු වෙලා සෙල්ලම් කරන්න
ආසාවෙන් බලා හිටියා මම..
එත්,
වැඩිහිටියන්ගේ ආඩම්බරය
කුහකකම නිසා 
අහිමි වෙලා මට 
ඒ පුංචි කුමාරයාව බලන්න..
එයාට මාව බලන්න එන්නත්..


සමහර වෙලාවට වැඩිහිටියන්ගේ බොරු මාන්නය,ආඩම්බරය, කුහකකම නිසා පුංචි ළමයින්ගේ ලස්සන ලෝකය නැතිවෙනවානේද? සල්ලි හැමදේම මනින මිම්ම උනාම ආදරේට තැනක් නැද්ද..පුංචි කුමාරයෙක්ට පුංචි කෙනෙක්ගේ ආදරය ලබන්න ඕන නැද්ද?

ප.ලි. - මගේ හිතේ ඇතිවෙච්ච හැඟීම් අකුරු කරන්න ගිහින් විකාරයක් ලිව්වාද මන්දා.එත් මිනිස්සු මෙච්චරටම නපුරු වෙනකොට රිදෙන, තැලෙන හිතක් සනසන්න මේ සටහන ලිව්වෙ.. කාට හරී මේක කියවලා කරදරයක් උනානම් සමාවෙන්න...

15 ක් අදහස්:

හා පැටික්කි (MS) said...

වැඩිහිටියෝ එහෙම තමා....... මොනවා කරන්නද අපිත් කවදා හරි දවසක එහෙම වෙයිද දන්නෑ නේද අක්කියා.......

Praසන්ன said...

කතාව ඇත්ත තමයි..

Anonymous said...

අනිව අනිව...

චතුවා said...

කතාවනම් ඇත්ත තමා.. :-\

Amila Chathuranga said...

පුදුම වැඩක් නෙව වැරදි කරන්නෙ නැතිව සමාව ඉල්ලන්නෙ ඇයි>>>>

෴ හසියා ෴ said...

අනේ මන්ද...හිතාගන්න බෑ මුකුත්‍‍‍...ළමයින්ටත් මේ වගේ නරක අදහස් දාන්නේ පොඩිකාලේ ඉදන්ම වැඩිහිටියෝ....

පූසා said...

ඔව් අද කාලේ අවංක ආදරේට තැනක් නෑ. හැම දෙයක්ම සල්ලි වලට යට වෙලා. ඒ මම නම් කියන්නේ තමන් කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනවානම් මොන බාධක ආවත් දෙන්නට දෙන්නා වෙන් වෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලායි. ඒ වගේ ආදරේ කරලා විවාහ වුන ජෝඩු දෙකක් මගේ ඇස් දෙකෙන් දැකලා තියනවා.

හිස් අහස said...

වැඩිහිටියෝ බලන්නේ ඒ අයගේ කාලයේ මිම්මෙන් ..සමහරවිට ඒ මිම්ම අදට වලංගු නොවනවා වෙන්න පුලුවන් ..ඒත් .ඒඅයට යමක් තේරුම් කරන එක ..ඉබගෙන් ගින්දර ගන්නවා වගේ නේද ?

ජයවේවා !!

හිස් අහස said...

පිහාටු ගන්නවා වගේ වැඩක් !

වස ලැජ්ජාව පන්ඩිත කතා කියන්න ගිහිං ඇනගත්තා

Hasitha Gunasinghe said...

වැඩිහිටියෝ වැඩිහිටි විදිහට හිතද්දී ළමයි ළමා විදිහට හිතනවා. මේ කන්ඩායම දෙකේ අදහස් ගැලපීමක් වෙන්නේ හරිම් අඩුවෙන් තමා... අනේ මන්දා මක් කරන්නද කියලා...........

ජංජාල චාමර said...

ඇත්ත කතාව

ටිකිරිමලයා නොහොත් ~පණ්ඩිතයා~ said...

හ්ම්ම් මොනා කරන්නද ?

ටිකිරිමලයා නොහොත් ~පණ්ඩිතයා~ said...

හ්ම්ම් මොන කරන්නද අක්කේ ... අයෙ කාලය හරවන්න බෑ නේ .

සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....) said...

හසිත කොල්ලගේ බ්ලොග් අවකාශයෙන් මෙ පැත්තට ආවා- ලස්සන නිසදැස් වගේම හොද හොද කතාත් දැක්කා
ලස්සන බ්ලොග අඩවියක්

හසී said...

හැමෝටම ගොඩාක් ස්තුතියි අදහස් වලට,මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බෑනේ..

@සිංහල පද්‍ය රටා - ස්තුතියි මේ පැත්තට ගොඩ වැදුනාට... :D

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...